Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන 5 ක ලියාපදිංචිය ඇමති අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන 5 ක ලියාපදිංචිය ඇමති අත්හිටුවයි

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ජේ. ඉඳුරුවගේ) 

ජාතික ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන  කටයුතු අමාත්‍ය  හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ  අති විශේෂ  ගැසට් නිවේදනක් මගින්  තාවකාලිව අත්හිටුවා තිබේ.

ඒ අනුව 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 හා 33 වගන්ති යටතේ ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය  සහ ශ්‍රී  ලංකා මල්ලවපොර සම්මේලනය යන ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත් හිටුවා තිබේ.

එමෙන්ම එකී සංගම්/සම්මේලන පහේ පරිපාලනය හා වෙනත් කාර්යන් යථා පරිදි ඉටුකිරිම සඳහා  සහ අදාළ නිලවරණ  පැවැත්වීමට දෙසැම්බර් 21 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධරයා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා  විසින් පත්කරනු ලැබ  සිටී.


අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන 5 ක ලියාපදිංචිය ඇමති අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.