Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳුදා ඇරඹේ
ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳුදා ඇරඹේ

editorial - 2021 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 69 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අනිද්දා (13 වැනිදා) සිට 19 වැනිදා දක්වා දින 7 ක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලී නිංග් සමාගම අනුග‍්‍රාහකත්වය දරන මෙවර තරගාවලියේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000 ක් පමණ තරග බිමට පිවිසීමට නියමිතය.

ස්පාඤ්ඤයේදී පැවැත්වෙන ලෝක ශූරතාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් වත්මන් ජාතික ශූරයා වන නිලූක කරුණාරත්න මෙවර ජාතික තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත. ඔහුගේ සොහොයුරු දිනූක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, රන්තුෂ්ක කරුණාතිලක, රසිඳු හෙන්ඳහේවා, විරේන් නෙත්තසිංහ සහ දුමිඳු අබේවික‍්‍රම මෙවර පිරිමි කේවල ශූරතාව හඹායන කී‍්‍රඩකයන් අතර පෙරමුණේ සිටිති.

වත්මන් ජාතික ශූරිය වන හසිනි අම්බලන්ගොඩට මෙවර කාන්තා කේවල ශූරතාව සඳහා අභියෝග කිරීමට ඩිල්මි ඩයස්, කාවින්දි සිරිමාන්නගේ, මධුෂිකා දිල්රුක්ෂි සහ නදීෂා ගයාත‍්‍රි වැනි කී‍්‍රඩිකාවෝ සැදී පැහැදී සිටිති. ඔවුන්ට අමතරව හිටපු ජාතික ශූරී තිළිණි හෙන්ඳහේවාගේ යළි පැමිණීමද මෙවර කාන්තා කේවල ශූරතාව රැකගැනීමේ සටනේදී හසිනිට මහත් හිසරදයක් වනු නොඅනුමානය.  

මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ සහ 65 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරගද පැවැත්වීමට නියමිතය.
 
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පැවැත්වෙන මෙම ශූරතාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංවිධානය කෙරෙනු ඇත.

ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලියේදී ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහාද තරග පැවැත්වීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවනක් අතරේ බෙදා දීමට නියමිත මුලූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 15 කි.

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳුදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.