Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන )
ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 61 - 48 ක් ලෙස නාවික හමුදා පිල පරාජය කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් 2019 වසරේ ජාතික ශූරතාව දිනාගන්නා ලදි. මෙම තරගාවලිය ඉකුත් සති අන්තයේදී මහනුවර සුදුහුම්පොල නගර සභා ගෘහස්ථ ක්‍රීිඩාංගනයේදී හා මහනුවර දිගන පලාත් සභා ගෘහස්ථ ක්‍රීිඩාංගන සංකීර්ණයේදී පැවත්විණ.
අවසන් තරගයේ පළමු කාර්තුව අවසානයේදී ලකුණු 14-13 ක් ලෙසින් නාවික හමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු තුනම ජයගත් හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ තරගය පහසුවෙන් ජයගත්හ. එක් එක් කාර්තු වලදී ලකුණු සටහන් වූයේ (14-13), (15-12), (17-11) සහ (16-11) වශයෙනි.
පළමු අවසන් පූර්ව තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් ලකුණු 49-28 ක් ලෙසින් වරාය අධිකාරිය පරාජය කරන ලදි. දෙවැනි අවසන් පූර්ව තරගයේදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 47-20 ක් ලෙසින් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කළහ.
තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදී කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම විසින් ලකුණු 35-33 ක් ලෙසින් වරාය අධිකාරී පිල පරාජය කරන ලදි.
කණ්ඩායම් 32 ක් සහභාගි වූ මෙම තරගාවලියේ හොදම පන්දු විදින්නිය ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ දර්ශිකා අබේවික්‍රම සම්මාන දිනාගත්තාය. දක්‍ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස දුලාංජි වන්නිතිලකද දක්ෂතම දැල රකින්නිය ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ශුද්ධ වූ පවුලේ ඛාලිකා විදුහලේ සෙත්මි දනූෂාද සම්මාන හිමි කරගත්හ
වසරේ දැල්පන්දු රැජින සම්මානය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ දයාංජලී අමරවංශ දිනාගත්තාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.