Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලිකා (වයස 18 පහළ) කේවල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරිය සමත් වූවාය. අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ජනලි මනම්පේරි පරාජය කරමින් ඇය මේ වසරේ (2018) ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් වූවාය.
ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් තරගයේ පළමු වටය ලකුණු 7/6 ක් ලෙස ජයගත් සවිනි, දෙවැනි වටයේදී ලකුණු 6/4 ක් ලෙස ජනලී පරාජය කරමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය සමත් සතුකර ගත්තාය.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/3) සිත්මි දිමායා පරාජය කරමින් ජනලි මනම්පේරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තාය. සවිනි ජයසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 7/6) ඔෂිනි හේරත් පරාජය කරමිනි.
මෙම තරගාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ඉසව් 29 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 365 දෙනෙක් තරග වදිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.