Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගනිමින් මේ වසරේ (2017) ජාතික ටෙනිස් ශූරයා බවට පත් වීමට ශාමල් දිසානායක අද (12 වැනිදා) සමත් විය.
අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරලට එරෙහිව වට 2-0 ක පහසු ජයක් වාර්තා කරමින් ශාමල් එම ශූරතාවට හිමිකම් කීවේය. එහිදී පළමු වටය ලකුණු 6/0 ක් ලෙස ජයගත් ශාමල්, දෙවැනි වටයෙන්ද ලකුණු 6/0 ක පහසු ජයක් වාර්තා කරමින් මේ වසරේ ජාතික ටෙනිස් ශූරයා බවට පත් විය.
රුස්තම් අලීට එරෙහිව පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/1, 6/0) ජයක් වාර්තා කරමින් ශාමල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. සංඛ අතුකෝරල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/2, 7/6) ලෙස යසිත ද සිල්වා පරාජය කරමිනි.
මේ අතර තරගාවලියේ වයස 14 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට චතුර්ය නිලවීරද, බාලිකා ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරාද සමත් වූහ. 14 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් මහ තරග වලදී වට 2-1 ක් (7/6, 2/6, 6/2) ලෙස පෙසන්ජිත් කන්නංගර පරාජය කරමින් චතුර්ය එම ශූරතාවට හිමිකම් කීවේය. අංජලිකා එම ශූරතාවට හිමිකම් කීවේ වට 2-0 ක් (6/2, 6/2) ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරමිනි.
අවසන් මහ තරගයේදී වට 2-0 ක් (6/0, 6/1) ලෙස විචින්ත්‍ය නිලවීර පරාජය කළ වෙනුක කිත්නුල වයස 12 න් පහළ බාලක ශූරතාව දිනාගත්තේය.
අංජලිකා කුරේරා |
චතුර්ය නිලවීර |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.