Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික තරගාවලිය 30 දා ඇරඹෙයි

ජාතික තරගාවලිය 30 දා ඇරඹෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග මේ මස 30 දා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන විධි විධාන යොදා ඇත. සිලෝන් බිස්කට්ස් ආයතනයේ මංචි අනුග්‍රහය ජාතික ශූරතා තරගාවලියට අඛණ්ඩව හිමි වන 10 වැනි වසර මෙයයි. 

තරගාවලිය ආධුනික (පිරිමි සහ කාන්තා) සහ සුපර් ලිග් (පිරිමි සහ කාන්තා) යනුවෙන් අංශ හතරකින් පැවැත්වීමට නියමිතය.
ආධුනික පිරිමි සහ කාන්තා තරගාවලිය සඳහා කණ්ඩායම් 2500-3000 අතර සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි. මෙතෙක් තරගාවලිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ කණ්ඩායම් වල අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 1 දක්වා දීර්ඝ කර ඇත.

සුපර් ලීග් තරගාවලියට පිරිමි අංශයේ කණ්ඩායම් 8 ක් සහ කාන්තා අංශයේ කණ්ඩායම් 6 ක් තරග වැදීමට නියමිතය. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලීසිය, විදුලිබල මණ්ඩලය, තරුණ සේවා සභාව සහ වෙළඳ සේවා නියෝජනය කරමින් පිරිමි අංශයේ කණ්ඩායම් 8 සහභාගී වනු ඇත.

සුපර් ලීග් කාන්තා අංශයේ කණ්ඩායම් 4 අතරට යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, මාවතගම කැෂුවලයින්  යන කණ්ඩායම් වෙයි.

තරගාවලියේ සමාරම්භක උළෙල හෙට පෙරවරු 9.30 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව මැදි මහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. කෑගල්ල දිස්ත්‍රික් තරගාවලිය එහි දී පැවැත්වීමට නියමිතය.

මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සියලුම අවසන් තරග ලබන නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික තරගාවලිය 30 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.