Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ අද (26 වැනිදා) පැවැති අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජානක විමලසිරි එහි 7 වැනි ස්ථානයට පත්විය. අවසන් මහ තරගයේදී ඔහු දැක්වූ ඉහළම දක්ෂතාව මීටර 7.86 කි.
අවසන් තරගයේදී හිමි වූ අවස්ථා 6 න් පළමු අවස්ථාවේදීම ජානක මීටර 7.86 ක දක්ෂතාවක් දැක්වීය. දෙවැනි සහ තෙවැනි අවස්ථා දෙකේදී මීටර් 7.75 ක සහ මීටර් 7.51 ක දක්ෂතාවක් දැක්වූ ඔහු සිව්වැනි, පස්වැනි සහ අවසන් අවස්ථාවලදී අසාර්ථක විය.
ජානක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී මීටර් 7.56 ක දක්ෂතාවක් දක්වමිනි. ඒ අනුව අවසන් තරගයේදී ඔහු දක්වන ලද දක්ෂතාව, සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී දැක්වූ දක්ෂතාවට වඩා 0.30 ක වැඩි වීමකි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.