Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 69ක එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවෙන්ම ඵල නෙලා ගැනීමට ජාවාලේන් කණ්ඩායම බලාපොරොත්තුව සිටියදී යුද හමුදා කණ්ඩායම මෙවරත් එෆ්. ඒ. කුසලානයේ අයිතිය තහවුරු කර ගනිමින් සිය අභිමානය රැකගනීද යන්න වැඩි දෙනාගේ පැනය වී තිබේ. කාගිල්ස් ෆුඞ් සිටි එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ (2016) අවසන් මහ තරගය එම දෙපිල අතර හෙට (20) රාත්‍රී 7.00 ට කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
අකුණු සහිත වර්ෂා තත්ත්වයක් පැන නැගුණොත් හැර අද එම අවසන් මහ තරගය යොදාගත් පරිදි රාත්‍රී 7ට ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි. දිවයිනේ අන්තර් සමාජ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 600 අධික ගණනක් සහභාගි විය.
මෙවර තරගාවලියේ මෙතෙක් සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී කැපී පෙනෙනම සිදුවීම වන්නේ 1948 දී එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව පළමු වතාවට කොළඹ ජාවාලේන් කණ්ඩායම එහි අවසන් මහ තරගයට පිවිස සිටීමය. කෙසේ වෙතත් ප්‍රතිවාදී යුද හමුදා කණ්ඩායම ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත ප්‍රබලතම කණ්ඩායමක් වන අතර පසුගිය වසරේ ශූරතාව දිනාගත් කණ්ඩායම වෙයි.
යුද හමුදාවේ පළපුරුදු ක්‍රීඩකයු වන මොහොමඞ් ඉසදීන් මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම පසුවේ. යුද හමුදා කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට ප්‍රවේශවීමේ දී පුරෝගාමී මෙහෙවරක් කළ ඉසදින් කොළඹ කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායම වාර්තා කළ ගෝල තුනට හිමිකරුවාවීම කැපී පෙනේ.
මූලික වටයේ තරගයක දී වවුනියාව ඊස්වරන් කණ්ඩායමට එරෙහිව යුද හමුදා ක්‍රීඩකයෝ ගෝල 20-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමේ දී ඉසදින් ගෝල හතක් වාර්තා කිරීම තවත් කැපී පෙනෙන සිදුවීමකි.
මෙවර තරගාවලියටත් කාගිල්ස් ෆුඞ් සිටි ආයතනය අනුග්‍රහය දැක්වූ අතර මෙවර ශූරතාලාභීන්ට රුපියල් ලක්ෂ හතක් ද අනුශූරයන්ට රුපියල් ලක්ෂ පහක්ද ප්‍රදානය කෙරේ. අවසන් මහ තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අන්තර් සමාජ කාගිල්ස් ෆුඞ්සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ (2016) අවසන් මහ තරගයට තේරුණු දෙපිල එහි ඉදිරියට පැමිණි ආකාරය
ජාවාලේන් ක්‍රීඩා සමාජය
■ බන්ධනාගාර කණ්ඩායමට එරෙහිව ගෝල 2-0 ක
■ කිරුළපන යුනයිටඞ් කණ්ඩායමට එරෙහිව ගෝල 5-1 ක ජයක්
■ ගම්පොළ ක්‍රිස්ටල් පැලැස් කණ්ඩායමට එරෙහිව ගෝල 2-0 ක ජයක්
■ අර්ධ අවසන් පූර්ව වටයේදී රිනවුන් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක්
■ අවසන් පූර්ව තරග වටයේදී සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව දඬුවම් පහර 5/3 ක ජයක්
යුද හමුදා ක්‍රීඩා සමාජය
■ කෑගල්ල ‘මායා’ කණ්ඩායමට එරෙහිව නිතරග ජයක්
■ වවුනියාව ඊස්වරන් කණ්ඩායමට එරෙහිව ගෝල 20-0ක ජයක්
■ නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක ජයක්
■ අර්ධ අවසන් පූර්ව වටයේදී- බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිව ගෝල 12-1ක ජයක්
■ අවසන් පූර්ව තරග වටයේදී- කොළඹ කණ්ඩායමට එරෙහිව ගෝල 3-2 ක ජයක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.