Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජැෆ්නා චැලෙන්ජර්ස් කාල්ටන් රග්බි ශූරතාව දිනයි

ජැෆ්නා චැලෙන්ජර්ස් කාල්ටන් රග්බි ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව දෙවැනිවරට සංවිධානය කළ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2013’ සත්සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සජිත් සාරංගගේ නායකත්වයෙන් යුත්‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ පිල සමත්විය. රෝහිත රාජපක්‍ෂ මෙහෙයවූ සබරගමුව ස්ටැලියන්ස් පිලට අනුශූරතාව හිමිවිය.

නවීකරණය කළ කොළඹ පැරණි තුරඟපිටියේදී දිවා/රාත‍්‍රි තරගාවලියක් ලෙස පැවැත මෙම තරගාවලියේ අවසන් තරග ඊයේ (03 වැනිදා) රාත‍්‍රි විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්විණි. දෙවැනි අදියරේ අවසන් මහ තරගයේදී සබරගමුව ස්ටැලියන්ස් පිල හමුව් ලකුණු 47 - 14 ක් ලෙස ජැෆ්නා චැලෙන්ජර්ස් පිල පරාජයට පත්වුවද පළමු අදියරේ ශූරයන් බවට පත්වීම නිසා මුඵ ලකුණු 45 ක් ලබා ශූරතාව දිනා ගැනීමට ‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ පිල සමත්විය.

අනුශූරයන් වූ සබරගමුව ස්ටැලියන්ස් පිල ලකුණු 36 ක් ලබාගත් අතර තෙවැනි ස්ථානය හිමිකරගත් නොදර්න් ගැලැඩියේටර්ස් පිල ලකුණු 32 ක් ලබා ගත්තේය.

මෙවර තරගාවලියේ පළමු අදියර පසුගිය සතියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. අදියර දෙකේම ලකුණු එකතුවෙන් සමස්ත ශූරතාව පිරිනැමේ. පළමු අදියරේ අනුශූරයන්වූ නෝර්ත් වෙස්ටන් බ්ලැක්ස් පිල දෙවැනි අදියරේ අවසන් දිනය වූ ඊයේ (03) සහභාගිවූ ලීග් වටයේ තරග තුනම පරාජයට පත්වීම කැපීපෙනුණි. එහිදී එම පිලේ විදේශිය ක‍්‍රීඩකයන් ආරක්‍ෂා සහිතව ක‍්‍රීඩාකරන ආකාරය දැකගත හැකිවිය. මෙවර තරගාවලියට විදේශිය ක‍්‍රීඩකයෝ 50 කට අධික සංඛ්‍යාවක් සහභාගිවූහ.

ඒ අතරට නවසීලන්ත ක‍්‍රීඩකයෝ 17 ක් සහ ෆීජි ක‍්‍රීඩකයෝ 14 ක්ද ඇතුළත්ව සිටියහ. ලෝක සත්සාමාජික රග්බිපිටියේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් කිහිපදෙනකුද තරගාවලියට සහභාගිවීම කැපීපෙනුණි.

 

තරග ප‍්‍රතිඵල

  • අවසන්මහා තරගය

සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් ලකුණු 47 - 14 කින් ජැෆ්නා චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී.

 

  • අවසන්පූර්ව තරග

ජැෆ්නා චැලෙන්ජර්ස් පිල විසින් ලකුණු 21 - 17 කින් නොදර්න් ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් ලකුණු 26 - 10 කින් වෙස්ටන් වොරියර්ස් පිල පරාජය කරන ලදී.

 

 

  • තෙවැනි සහ සිවුවැනි ස්ථාන සඳහා තරගය

වෙස්ටන් වොරියර්ස් පිල විසින් ලකුණු 19 - 7 කින් නොදර්න් ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී.

 

  • පස්වැනි සහ හයවැනි ස්ථාන සඳහා තරගය

ඌව වයිපර්ස් පිල විසින් ලකුණු 14 - 10 කින් සෙන්ට‍්‍රල් කිංග්ස් පිල පරාජය කරන ලදී.

 

  • හත්වැනි සහ අටවැනි ස්ථාන සඳහා තරගය

ඊස්ටන් ඊගල්ස් පිල විසින් ලකුණු 21 - 17 කින් නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් පිල පරාජය කරන ලදී.

 

  • නවවැනි සහ 10 වැනි ස්ථාන සඳහා තරගය

නෝර්ත් වෙස්ටන් බ්ලැක්ස්පිල විසින් ලකුණු 38 - 12 කින් සදර්න් ශාර්ක්ස් පිල පරාජය කරන ලදී.

 

ප‍්‍රසාද ලකුණු සටහන

ස්ථා.     කණ්ඩායම             ප‍්‍ර.ල
1     ජැෆ්නා චැලෙන්ජර්ස්          45
2     සබරගමුවස්ටැලියන්ස්      36
3     නොදර්න් ග්ලැඩියේටර්ස්      32
4     වෙස්ටන්වොරියර්ස්          32
5     නෝර්ත්වෙස්ටන්බ්ලැක්ස්      31
6     නෝර්ත්සෙන්ට‍්‍රල් ටයිෆූන්ස්     29
7     ඌව වයිපර්ස්              27
8     සෙන්ට‍්‍රල්කිංග්ස්          23
9     ඊස්ටන් ඊගල්ස්              21
10     සදර්න් ශාර්ක්ස්          20

 

- යොහාන් භාසුර


අදහස් (0)

ජැෆ්නා චැලෙන්ජර්ස් කාල්ටන් රග්බි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.