Last Update  :  2025-02-05 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝන් ටාර්බට් කණිෂ්ඨ තරගාවලියට 20,000 ක්

ජෝන් ටාර්බට් කණිෂ්ඨ තරගාවලියට 20,000 ක්

editorial - 2024 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

සිසුන් 20,000 ක් සහභාගි  වන ශ්‍රීමත්  ජෝන් ටාර්බට් අන්තර් පාසල්  මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරග මාලාව හෙට (13) යාපනය  දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ  වේ. ප්‍රථම  අදියර  යටතේ උතුරු හා උතුරු මැද යන පළාත්හි සිසු සිසුවියන් සදහා  සූදානම් කෙරෙන මෙම තරගාවලිය සිකුරාදාත් පැවැත්වේ. 

දිවයිනේ පාසල් 1000 ක් පමණ නියෝජනය  කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20,000 ක් පමණ තරගාවලියට එක්වෙති. 

ශ්‍රී ලංකාවේ පැරණිතම  පාසල් මලල  ක්‍රීඩා  තරගාවලිය ලෙස පිළිගැනෙන මෙම තරගාවලිය 53 වැනි වරටත් පැවැත්වෙන්නකි. වයස 11 න් පහළ, 12 න් පහළ 13 න් පහළ 14 න් පහළ  හා 15 න් පහළ යන වයස් කාණ්ඩ පහකින් බාලක සහ බාලිකා වශයෙන් තරග පැවැත්වේ. පළාත්  මට්ටමින් පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ කොළඹදී පැවැත්වෙන අවසන් අදියරට සුදුසුකම් ලබති. 

මෙවර  නැගෙනහිර  පළාත් තරගාවලියට පොළොන්නරුව දිස්ත්‍රික්කයත් ඇතුළත්  කර තිබේ.එවැනි වෙනස්කම් කීපයක්ම මෙවර තරග මාලාව පුරා දිස්වේ.

ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 10 සිට 13 වැනිදා  දක්වා කොළඹ  සුගතදාස  ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ. 

තරගාවලියට  අනුග්‍රහය දක්වන ‘රිට්ස්බරි’ සන්නාම චොකලට්  ආයතනය 12 වැනි වතාවටත්  එම අනුග්‍රහය  දක්වද්දී මෙවරත් තරගාවලියේදී ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 දෙනෙකු සදහා මාසිකව රුපියල් 15,000 ක් බැගින් හිමි වන ශිෂ්‍යත්ව මෙවරත් ප්‍රදානය  කෙර්. ඒ හැරෙන්නට ජාතික  මට්ටමේ කනිෂ්ඨ  මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සදහාත්   රිට්ස්බරි  අනුග්‍රහය  ලබා දෙන්නේ  ”රටට වීරයෙක්” යන වැඩ සටහන යටතේය. 


ශ්‍රීමත්  ජෝන්  ටාර්බට්  (කණිෂ්ඨ) මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ආකාරය. 

■ ජූනි 13 - 14 -:   උතුරු පළාත හා අනුරාධපුරය යන කලාප අදියර 1 තරගාවලිය  - යාපනය දොරේඅප්පා පිටියේදී.

■ ජූලි 12 සිට 14 වැනිදා දක්වා මධ්‍යම  - වයඹ  පළාත් හා ගම්පහ  දිස්ත්‍රික්කය සදහා  - :  වෙන්නප්පුව  මහජන ක්‍රීඩාංගණයේදී .
■ ජූලි 26 සිට 28 දක්වා කොළඹ සහ කළුතර දිස්ත්‍රික්  සදහා  - : බන්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී.
■ අගෝස්තු 3 - 4  නැගෙනහිර පළාත  හා පොළොන්නරුව දිස්ත්‍රික්කය  සඳහා  - : මඩකලපුව  වෙබර් ක්‍රීඩාංගණයේදී
■ අගෝස්තු 10 සිට 12 වැනිදා  දක්වා දකුණ, ඌව සහ සබරගමුව යන පළාත් සදහා - : ඇඹිලිපිටිය  මහජන  ක්‍රීඩාංගණයේදී.

 

‘රිට්ස්බරි චොකලට්’  සන්නාමය යටතේ තරගාවලියට  අනුග්‍රහය දක්වන සී.බ්.එල්. ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඞ් ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා, ශ්‍රී  ලංකා පාසල්  මලල ක්‍රීඩා  සංගමයේ සභාපතිනි ඩී. ඒ.එස්.එස්. විජේසිංහ මහත්මියට නිල වශයෙන් අනුග්‍රහය  ප්‍රදානය කළ අවස්ථාව. සී.බ්.එල්. ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඞ් ආයතනයේ කළමනාකරු  (කාන්ඩ - රිට්ස්බරි ) අනුර ලියනපතිරණ, එහි  ප්‍රධාන  මෙහෙයුම්  නිලධාරී  කමල් ගීගනගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ ( ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල විජේවර්ධන, පාසල්  මලල ක්‍රීඩා  සංගමයේ  ලේකම් ඉන්දික ගමගේ යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.
     


අදහස් (0)

ජෝන් ටාර්බට් කණිෂ්ඨ තරගාවලියට 20,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.