Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝයි - ප්‍රසන්න - සුරේෂ් ජය ලබති

ජෝයි - ප්‍රසන්න - සුරේෂ් ජය ලබති

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ප්‍රවීණයන්ගේ විවෘත ටෙනිස් තරගාවලියේ අද (2 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ බර්ඩන්ට් ජෝයි, ප්‍රසන්න අතාවුද සහ සුරේෂ් සුභ්‍රමනියම් සමත් වූහ.

අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩය යටතේ තරග වැදුණ බර්ඩන්ට් ජෝයි සහ ප්‍රසන්න අතාවුද අද පැවැති තරග වලදී වට 2-0 ක් ලෙස පිළිවෙලින් ඉන්දියාවේ ප්‍රසාද් රාවෝ සහ ශ්‍රී ලංකාවේ නේෂන් ගුණසේකර පරාජය කළහ.

ඒ අනුව හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී බර්ඩන්ට් ජෝයි සිංගප්පූරුවේ රෝයිසන් ක්වාන්ට එරෙහිවද, ප්‍රසන්න අතාවුද ඉන්දියාවේ වී. චන්ද්‍රශේකර්ට එරෙහිවද තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රොහාන් ද සිල්වාද මූලික වටයේදී නිතරග ජයක් ලබා වයස අවුරුදු 35 න් ඉහළ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී ඔහු ඉන්දියාවේ අශීෂ් පාමර්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ්‍රමනියම් අවුරුදු 55 න් ඉහළ වයස් කාණ්ඩය යටතේ මෙම තරගාවලියට එක්වූ අතර අද පැවැති මූලික වටයේ තරගයකදී ඉන්දීය ක්‍රීඩක පී.ආර්. රාජුට එරෙහිව වට 2-0 ක ජයක් අත්කර ගැනීමටද ඔහු සමත් විය.

වයස අවුරුදු 35 න් ඉහළ

  • බර්ඩන්ට් ජෝයි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ප්‍රසාද් රාවෝ (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/3, 6/0)
  • ප්‍රසන්න අතාවුද (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඩොමිනික් පෝල් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/1, 6/1)

වයස අවුරුදු 55 න් ඉහළ

  • සුරේෂ් සුභ්‍රමනියම් (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස පී.ආර්. රාජු (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/4, 6/1)

 


අදහස් (0)

ජෝයි - ප්‍රසන්න - සුරේෂ් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.