Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජිනරාජ බාලිකාවෝ 20 වැනි වරටත් ශූරියෝ

ජිනරාජ බාලිකාවෝ 20 වැනි වරටත් ශූරියෝ

Nisanka Sandeepani - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසිවැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලිකා ශූරතාව 20 වැනි වරටත් ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. තරගාවලියේ සියලු  ජයග්‍රහණ  ලබා ගැනීමට ද ගම්පොළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය දින 2ක් පුරා ගම්පොළ දි.මු. ජයරත්න සංස්කෘතික ශාලාවේ පැවැත්විණි. පාසල් 47ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් පමණ මේ සඳහා සහභාගිවී සිටියහ.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලයේ නිපුන් පබසරත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අංකුඹුර පරාක්‍රම ජාතික පාසලේ ජේ.ජී.එච්.එම්. හේමන්තත් තේරී පත් වූහ. 

තරගාවලියේ අනුශූරතාව ගම්පොළ පන්විලතැන්න මහ විදුහල හිමිකරගත් අතර ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. ලකුණු 22 1/2ක් ලබාගත් ගම්පොළ වික්‍රමබාහු මැදි විදුහල බාලක ශූරතාව දිනාගත් අතර අනුශූරතාව ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයට හිමි විය. වැවතැන්න මහා විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය.

මෙම තරගාවලිය ඇරඹූදා සිට නොකඩවා එහි බාලිකා ශූරතාව රැක ගැනීමට ජිනරාජ බාලිකා විද්‍යාලය සමත්වීම ජූඩෝ ඉතිහාසයේ වර්තාවකි. මෙම විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක වශයෙන් ඉනෝකා වික්‍රමගේ මහත්මිය කටයුතු කරන අතර බාහිර පුහුණුකරු ලෙස ප්‍රවීණ ක්‍රීඩා උපදේශක නාමල් රාජසිංහ මහතා කටයුතු කරයි. විදුහල්පතිනි ජී.ජී. පුෂ්පකාන්ති මහත්මියගේ කැපවීම මෙම ශූරතාව රැක ගැනීමට හේතුවී තිබේ.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති, නෙස්ලේ ආයතනයේ නියෝජ්‍ය කළමණාකාර ජේසන් ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය රජිව දසනායක, වෛද්‍ය අසංක වැලිකල යන මහත්වරු සහභාගිවී සිටියහ.


අදහස් (0)

ජිනරාජ බාලිකාවෝ 20 වැනි වරටත් ශූරියෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.