Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටඩෙජ් පොගාකාර් පස්වැනි අදියර ජයගනී

ටඩෙජ් පොගාකාර් පස්වැනි අදියර ජයගනී

editorial - 2021 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ පස්වැනි අදියර ජයගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් ඊයේ (30 වැනිදා) සමත් විය. ඔහු අවසන් වරට පැවැති (2019) ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහකයාද වේ. වැංග් නගරයේ සිටි ලාවාල් එස්පේස් මයේන් නගරය දක්වා කිලෝ මීටර් 27.2 කින් සමන්විත වූ පස්වැනි අදියර නිමා කිරීම සඳහා පොගාකාර්ට ගත වූ කාලය විනාඩි 32 කි.

පොගාකාර්ට වඩා තත්ත්පර 19 ක් පසුපසින් තරගය නිමා කළ ස්විට්සර්ලන්තයේ ස්ටෙෆන් කුං පස්වැනි අදියරේ දෙවැනි ස්ථාන හිමිකර ගත් අතර පොගාකාර්ට වඩා තත්ත්පර 27 ක් පසුපසින් තරගය නිමා කළ ඩෙන්මාර්කයේ ජොනස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානය හිමිවිය.

පස්වැනි අදියරට පෙර සමස්ත තරගයේ 6 වැනි ස්ථානයේ පසුවූ 22 හැවිරිදි පොගාකාර්, එම අදියරේදී ලැබූ ජයත් සමග සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. මෙතෙක් පැවැති අදියර 5 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති කාලය පැය 16 යි, විනාඩි 51 යි, තත්ත්පර 49 කි.

පස්වැනි අදියර ජයගැනීමට පොගාකාර් සමත් වුවද තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට නෙදර්ලන්තයේ මැතිව් වැඩ්ඩර් පෝල් සමත්ව සිටියි. ඒ අනුව ඔහු කහ පැහැති කබාය පැළඳ 6 වැනි අදියරට සහභාගි වනු ඇත. මේ දක්වා පැවැති අදියර 5 නිමා කිරීම සඳහා ඔහුට පැය 16 යි, විනාඩි 51 යි, තත්ත්පර 41 ක කාලයක් ගත වී ඇත. ඒ අනුව ඔහු පොගාකාර්ට වඩා තත්ත්පර 8 ක් ඉදිරියෙන් සිටියි.

මැතිව්ට වඩා තත්පර 30 ක් පසුපසින් සිටින බෙල්ජියමේ වවුට් වෑන් ඒර්ට් සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේද, මැතිව්ට වඩා තත්පර 48 ක් පසුපසින් සිටින ප්‍රංශයේ ජූලියන් ඇලෆිලිප් එහි සිවුවැනි ස්ථානයේද රැදී සිටිති. සෙසු තරගකරුවෝ සියලු‍ දෙනාම මැතිව්ට වඩා විනාඩියකට වැඩි පරතරයකින් පසුවෙති.

“මෙය මට ඉතාමත් හොඳ දවසක්. වාසනාවකට වගේ හැම දෙයක්ම වගේ මාගේ වාසියට තිබුණා. ඇත්තටම මම හුඟක් විනෝද වුණා. ඒ නිසා මම හරිම සතුටින් ඉන්නේ. මෙය මගේ සිවුවැනි අදියර ජයග්‍රහණයයි. මට තව හුඟක් දුර යන්න තියෙනවා. කහ පැහැති කබායටත් මම කැමතියි. ඒත් මැතිව්ටත් ඒක හුඟක් ගැළපෙනවා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව පොගාකාර් පැවසීය.


සිවුවැනි අදියරේ ජයග්‍රාහකයන් ‍‍
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - විනාඩි 32:00
2 ස්ටෙෆන් කුං (ස්විට්සර්ලන්තය) -  විනාඩි 32:19
3 ජොනස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - විනාඩි 32:27
4 වවුට් වෑන් ඒර්ට් (බෙල්ජියම) - විනාඩි 32:30
5 මැතිව් වැඩ්ඩර් පෝල් (නෙදර්ලන්තය) - විනාඩි 32:31
6 කැස්පර් ඇස්ග්‍රීන් (ඩෙන්මාර්කය) - විනාඩි 32:37
7 ප්‍රිමෝස් රොග්ලික් (ස්ලෝවේනියාව) - විනාඩි 32:44
8 මැටියා කටානියෝ (ඉතාලිය) - විනාඩි 32:55
9 රිචී පෝර්ට් (ඕස්ට්‍රේලියාව) - විනාඩි 32:55
10 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - විනාඩි 33:00


සමස්ත තරගයේ ප්‍රතිඵලය  
1 මැතිව් වැඩ්ඩර් පෝල් (නෙදර්ලන්තය) - පැය 16:51:41
2 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 16:51:48
3 වවුට් වෑන් ඒර්ට් (බෙල්ජියම) - පැය 16:52:11
4 ජූලියන් ඇලෆ‍ලීප් (ප්‍රංශය) - පැය 16:52:29  
5 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 16:53:02
6 පියරේ ලැටූර් (ප්‍රංශය ) පැය 16:53:10
7 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) -  පැය 16:53:11
8 ජොනස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 16:53:24
9 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 16:53:25
10 ප්‍රිමෝස් රොග්ලික් (ස්ලෝවේනියාව) - පැය 16:53:29

-036


අදහස් (0)

ටඩෙජ් පොගාකාර් පස්වැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.