Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටමීම් ඉක්බාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

ටමීම් ඉක්බාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2025 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ හිටපු නායකයකු මෙන්ම ආරම්භක පිතිකරුවකු ද වන ටමීම් ඉක්බාල් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් ටමීම් සිය තීරණය ප්‍රකාශ කර ඇත.  

ටමීම් සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සමගින් එක්වන ලෙසට එරට තේරීම් කමිටුව ඔහුගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබියදීය. 

“මා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ කාලයක් ඉවත් වී සිටියා. ඒ කාලය එහෙමම තිබුණාවේ. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මගේ පරිච්ඡේදය අවසන්. මම මේ ගැන බොහෝ කාලයක් හිතමින් හිටියා”

“දැන් ශූරයන්ගේ කුසලාන තරගාවලිය වගේ විශාල වැදගත්කමකින් යුත් තරගාවලියක් එනවා. ඒත් කණ්ඩායම පරාජය වෙත ඇදී යා හැකි දෙයක් සම්බන්ධයෙන් කිසිවකුගේ විශේෂ කතාබහට ලක්වෙන්න මම කැමති නෑ. අනෙක් අතට මම මේ වගේ දේකට කැමතිත් නෑ” යයි ටමීම් ඉක්බාල් ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබේ. 

“ඇත්තම කිව්වොත්, ආයෙමත් කණ්ඩායමට එක්වන්න’යි කියලා නායක නජ්මුල් හොසේන් ශන්ටෝ මට කතා කළා. ඔහු තේරීම් කමිටුව එක්කත් කතා කරලා තියෙනවා. ඒ සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. ඒත් අවසාන වශයෙන් මගේම හදවතට ඇහුම්කන් දෙන්න මා තීරණය කළා”  යයි ද ටමීම් ඉක්බාල්ගේ පණිවුඩයේ සටහන් වේ. 

වසර 2007 දී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ටමීම් ඉක්බාල් ටෙස්ට් තරග 70 කදී ශතක 10 ක්ද, එක්දින තරග 243 කදී ශතක 14 ක් ද විස්සයි-20 අන්තර්ජාතික තරග 78 කදී ශතකයක් ද ලබා තිබේ. බංග්ලාදේශය වෙනුවෙන් අන්තර්ජාතික තරග වලදී ලකුණු 15,245 ක් ලබා ඇති ටමීම් ඉක්බාල්ට වඩා ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් පමණි. 

 - 213


අදහස් (0)

ටමීම් ඉක්බාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.