Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කණ්ඩායමේ අංක 3 පිතිකරු ජොනතන් ට්‍රොට් හදිසියේම සංචාරය අතර මග නවතා එංගලන්තය බලා පිටත්ව යාමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු පුවත් පත් දෝෂාරෝපනයට ලක්ව සිටී. එංගලන්ත - ඕස්ටේ‍්‍රලියා තරගාවලියක නිරන්තර සිදුවීම් වන පිටිය මැදදී කෙරෙන උපහාසාත්මක කියුම් වලට සම්බන්ධ කී‍්‍රඩකයෝද චෝදනා ලබා සිටිති.
එංගලන්ත පිලේ අංක 3 පිතිකරුවා වූ ජොනතන් ට්‍රොට් හදිසියේම කණ්ඩායම හැරදා එංගලන්තය බලා ගියේ මානසික පීඩනය නිසා ඇතිවූ රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ලබාගැනීමට යයි කියැවේ. එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය ප‍්‍රකාශ කළේ ජොනතන් ට්‍රොට් අවිනිශ්චිත කාලයක් සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විවේක ලබා සිටිනු ඇති බවත් මෙවර අළු බඳුන තරගාවලිට යළි සහභාගි නොවන බවත්ය.
ට්‍රොට් මෙම තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට මෙන්ම ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ආයතන වෙතද චෝදනා කරන, මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාවේ ස්වාධීන සමාජ සත්කාර ආයතනය කිහිපයක්ම පෙන්වාදී ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු පුවත්පත් වල ශීර්ෂ පාඨ හැගීම්වලින් තොර ‘නොහොබිනා’ ඒවා බවයි.
”පන්දුවයි පිත්තයි අරන් ට්‍රොට් ගෙදර යයි” යනුවෙන් ඇතැම් පුවත් පත් වාර්තා කර තිබූ අතර තවත් පුවත් පතක ශීර්ෂ පාඨය වූයේ ”ට්‍රොට් සංත‍්‍රාසයට පත්ව සංචාරය අතහරී” යනුවෙනි.
”අද පුවත්පත් වාර්තා දැක්කාම මානසික සෞඛ්‍ය ගැන ලියන විට කොයිතරම් පරෙස්සම් වෙන්න ඕනෙද කියා මේ අයට කියාදෙන්න වෙනවා” යයි සමාජ සත්කාරක ආයතනයක ප‍්‍රධානී ජෙෆ් කෙනත් මහතා පවසා තිබේ.
මේ අතර ට්‍රොට් වෙනුවට අංක 3 පිතිකරු ස්ථානය සඳහා හොඳම ආදේශකය ජෝ රූට් බව එංගලන්ත පිලේ හිටපු නායක මයිකල් ඇතර්ටන් කියයි. ඇතර්ටන්ගේ මතය වන්නේ ඕස්ටේ‍්‍රලියානු වමත් වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් සමග ගනුදෙනුවට ජෝ රූට් වඩාත්
සුදුසු යයිද මයිකල් ඇතර්ටන් කියයි. එහෙත් හිටපු නායක නසාර් හුසේන් කියන්නේ ට්‍රොට් වෙනුවට ඉයන් බෙල් වඩාත් සුදුසු බවයි.
දෙදෙනාගෙන් කවුරුන් අංක 3 ස්ථානයට ගියද අංක 6 ස්ථානය සඳහා ජොනී බෙයාර්ස්ටෝට අවස්ථාව ලැබෙනු ඇතැයිද වාර්තා වේ.
007
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.