Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට යසිත ද සිල්වා සහ චාතූර්ය නිලවීරත්, කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අංජලිකා කුරේරා සහ ජනාලි මනම්පේරිත් සමත්ව සිටිති.
මෙම මස 10 වැනිදා ආරම්භ වූ ජාතික ටෙනිස් තරගාවලියේදී කාන්තා සහ පිරිමි කේවල අවසන් මහ තරග හෙට (20 වැනිදා) පැවැත්වීමට නියමිය.
පිරිමි කේවල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ලූකා නීස් පරාජය කරමින් යසිත අවසන් මහ තරගයට පිවිසි අතර චාතූර්ය අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරමිනි.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ පරාජය කරමින් අංජලිකාත්, දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස හසාලි ගජබා පරාජය කරමින් ජනාලිත් කාන්තා කේවල අවසන් මහ තරගයේ ස්ථාන වෙන්කරවා ගත්හ.
පිරිමි කේවල අවසන් පූර්ව වටය
යසිත ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස ලූකා නීස් පරාජය කරන ලදි. (7/5, 6/2)
චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (7/6, 6/4)
කාන්තා කේවල අවසන් පූර්ව වටය
අංජලිකා කුරේරා විසින් වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ පරාජය කරන ලදි. (6/2, 6/0)
ජනාලි මනම්පේරි විසින් වට 2-1 ක් ලෙස හසාලි ගජබා පරාජය කරන ලදි. (2/6, 6/0, 3/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.