Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙනිස් ජාතික ශූරතාවලිය ඇ‍රඹේ

ටෙනිස් ජාතික ශූරතාවලිය ඇ‍රඹේ

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 107 වැනි වරට සංවිධානය කරන ජාතික ටෙනිස් ශූරතාවලිය මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  මෙම තරගාවලිය සැප්තැම්බර් මස 11 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

ඉසව් 21 කින් සමන්විත වන මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 865 දෙනෙක් සහභාගි වී සිටින අතර වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ විවෘත යන කාණ්ඩ 5 යටතේ තරග වැදීමට නියමිතය.

එහිදී බාලක සහ බාලිකා වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ තරග පැවැත්වෙන අතර විවෘත කාණ්ඩ‍ය යටතේ පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්වේ.

ඉකුත් වසරේ (2021) පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදී විවෘත පිරිමි‍ කේවල ශූරතාව දිනාගැනීමට යසිත ද සිල්වාත්, විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරාත් සමත් වූහ. අවසන් තරගවලදී පරාජය වූ චාතූර්ය නිලවීර සහ ජනාලි මනම්පේරි අනුශූරතා හිමිකර ගත්හ.


අදහස් (0)

ටෙනිස් ජාතික ශූරතාවලිය ඇ‍රඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.