Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ පැවැත්වෙන ආසියානු මාර්ග ගත මෝටර් රථ තරගාවලිය සහ ආසියානු ඞී‍්‍රම් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව යතුරුපැදි කරුවන් දෙදෙනකු වන නෙඞ් ඩැනියෙල්ට සහ එරන්ද සම්පත් හේමචන්ද්‍රට හිමිවී තිබේ.
එම තරගාවලි දෙකට ශී‍්‍ර ලංකාවෙන් සහභාගී වන කී‍්‍රඩකයන් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සංගමය විසින් පන්නල මෝටර් රථ ධාවන පථයේදී පවත්වනු ලැබූ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකදී ඔවුන් දෙදෙනා මෙම අවස්ථාව උදාකරගත්තේය.
ඒ අනුව නෙඞ් ඩැනියෙල් ජපානයේදී පැවැත්වෙන ආසියානු ඞී‍්‍රම් කුසලාන තරගාවලිය සඳහාත්, එරන්ද සම්පත් හේමචන්ද්‍ර ආසියානු මාර්ග ගත මොටර් රථ තරගාවලිය සඳහාත් තරගවැදීමට නියමිතය.
පන්නල පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට යතුරුපැදි කරුවන් 18 දෙනෙක් සහභාගී වුවත් ආසියානු තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවා යාමට සමත්වූයේ කී‍්‍රඩකයන් 5 දෙනකු පමණි.
ඔවුන්ගෙන් හොඳම කාලය වාර්තා කිරීමට සමත්වූයේ නෙඞ් ඩැනියෙල්ය. ඔහුට තරගය නිම කිරීමට ගතවී තිබුනේ විනාඩි 1:14.81 ක කාලයකි. එහි දෙවැනි ස්ථානය එරන්ද සම්පත් හේමචන්ද්‍රට හිමිවූ අතර විනාඩි 1:15.69 ක කාලයකින් ඔහු තරගය නිමා කළේය.
මේ මස 24 වැනිදා සහ 25 වැනිදා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගී වීම සඳහා මෙම කී‍්‍රඩකයන් දෙදෙනා සඳුදා (19 වැනිදා) දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.
ඡායාරූපය : ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.