Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (2 වැනිදා) පැවැති තෙවැනි සතියේ තරගයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 29-22 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. ඩී.එස්. සේනානායක විදුහල පිට පිටම ජයගත් දෙවැනි තරගය මෙය විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-03 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ඩී.එස්. සේනානායක විදුහල ලකුණු රැස්කළ අතර වෙස්ලි විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරකිනි.
දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 17 ක් රැස්කිරීමට ඩී.එස්. විදුහල සමත් වෙද්දී, වෙස්ලි විදුහලද ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු 17 ක් රැස්කළේය. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය 29-22 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල සතුවිය.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉකුත් සෙනසුරාදා (1 වැනිදා) පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ රාජකීය, මරදාන සහිරා සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විදුහල් සමත් වූහ. එම තරගවලදී පිළිවෙලින් මහනුවර කිංග්ස්වුඩ්, මහනුවර විද්‍යාර්ථ, ගල්කිස්ස විද්‍යා සහ මහනුවර ධර්මරාජ යන විදුහල් පරාජයට පත්වූහ.
සෙනසුරාදා (1 වැනිදා)
■ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 28-17 ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 43-03 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
■ මරදාන සහිරා විදුහල විසින් ලකුණු 24-08 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විසින් ලකුණු 34-07 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
ඉරිදා (2 වැනිදා)
■ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 29-22 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
Hira Sunday, 02 July 2023 07:56 PM
වෙස්ලි විදුහලට අරක්ගෙන ඉන්න දෙවිවරු නිවාඩු ගිහිල්ලද? ඕකෙ ලොකු පුටුවල ඉන්නේ මානසික ලෙඩ්ඩු...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.