Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩී.එස්. - අන්තෝනි - තෝමස් තුන්කොන් සටනක
පාසල් රග්බි ලීගය

ඩී.එස්. - අන්තෝනි - තෝමස් තුන්කොන් සටනක

editorial - 2023 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන (2023) පළමු කොටසේ පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි කොටසට සුදුසුකම් ලබාගැනීම සඳහා කොළඹ ඩී.එස්. සේනානායක, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන විදුහල් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. 

තරගාවලියේ 7 වැනි සතිය අනිද්දා (29 වැනිදා) ආරම්භ වන අතර මේ වන විටත් කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර සහ කොළඹ රාජකීය යන විදුහල් දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටියි. ඒ අනුව දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි වන්නේ ඉහත කී කණ්ඩායම් 3 න් එක් කණ්ඩායමකට පමණි. 

මේ වන විට ඩී.එස්. සේනානායක විදුහල තරග 5 ක් ජයගෙන ලකුණු 22 ක්ද, ශාන්ත අන්තෝනි විදුහල තරග 3 ක් ජයගෙන ලකුණු 18 ක්ද, ශාන්ත තෝමස් විදුහල තරග 3 ක් ජයගෙන ලකුණු 17 ක්ද ලබා සිටිති. ඒ අනුව දෙවැනි වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ ඩී.එස්. සේනානායක විදුහලටය. 

හත්වැනි සතිය ආරම්භ කරමින් ඩී.එස්. සේනානායක විදුහල අනිද්දා පස්වරු 4.00 ට මරදාන ශාන්ත ජෝෂප් විදුහලට කොලඹ හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගයෙන් ජය ලැබුවොතින් ඔවුන් නිසැකවම දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත. 

යම් හෙයකින් ඩී.එස්. සේනානායක විදුහල එම තරගයේදී පරාජයට පත් වුවහොත් ශාන්ත අන්තෝනි සහ ශාන්ත තෝමස් විදුහල් අතර අනිද්දා පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් තරගාවලියේ දෙවැනි වටයට පිවිසෙනු ඇත. 

හත්වැනි සතියේ තරග 

  • 29 වැනිදා - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 
  • 29 වැනිදා - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 
  • 29 වැනිදා - මරදාන සහිරා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී 
  • 29 වැනිදා - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 
  • 30 වැනිදා - මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 
  • 30 වැනිදා - ගල්කිස්ස විද්‍යා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

ඩී.එස්. - අන්තෝනි - තෝමස් තුන්කොන් සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.