Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩුබායිහි මෝටර් රථ තරගයකට අශාන් යයි

ඩුබායිහි මෝටර් රථ තරගයකට අශාන් යයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීන මෝටර් රථ ධාවක අශාන් සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ මස 12, 13 සහ 14 යන දින වලදී ඩුබායි ඔටෝඩ්‍රෝම් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර එන්ඩියුරන්ස් මෝටර් රථ තරගාවලියේ පළමු අදියරට සහභාගි වීමට සූදානමින් සිටියි.  

මෙම තරගාවලිය සදහා ලොව පුරා සිටින මොටර් රථ ධාවකයින් රැසක් සහභාගි වීමට නියමිත අතර එහිදී පුරා පැය විසිහතරක කාලයක් මෝටර් රථය ධාවනය කිරීමෙන් අනතුරුව ජයග්‍රහකයා තෝරාගැනේ.

මෙම තරගාවලියට සහභාගි වීමට පෙර අශාන් සිල්වා ඉකුත් වසරේ (2016) ඔක්තොම්බර් මස එක්සත් අරබි එමීර් රාජ්‍යයේ පැවති සංචාරක මෝටර් රථ ශූරයන්ගේ තරගාවලියේ පළමු අදියරේදී සහභාගි වූ තරග දෙකම ජයගැනීමට සමත් විය. එහිදී ඔහු හොණ්ඩා ඩී. සී. 5 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් තරග වැදිණ.

නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති සංචාරක මෝටර් රථ ශූරයන්ගේ තරගාවලියේ දෙවැනි අදියරේදීද ශුරයා ලෙස සම්මාන දිනාගත් අශාන්, දෙසැම්බර් මාසයේදී ඩුබායිහි පැවති එන්. ජී. කේ. පැය 2 එන්ඩියුරන්ස් මෝටර් රථ තරගයද ජය ගැනීමට සමත් විය.


- 036

 


අදහස් (0)

ඩුබායිහි මෝටර් රථ තරගයකට අශාන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.