Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩුමිනි ඕවරයකදී ලකුණු 37 ක් රැස්කරයි

ඩුමිනි ඕවරයකදී ලකුණු 37 ක් රැස්කරයි

ශනුක අරවින්ද - 2018 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පළමු පෙළ සීමිත ඕවර ක්‍රිකට් තරගයකදී එඩී ලී යැවූ ඕවරයකට ලකුණු 37 ක් රැස්කරමින් නව දකුණු අප්‍රිකානු වාර්තාවක් පිහිටුවීමට ජේ.පී. ඩුමිනි සමත් විය.

එරට පළමු පෙළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කේප් කෝබ්රාස් කණ්ඩායම සහ නයිට්ස් කණ්ඩායම අතර පැවැති තරගයකදී මෙම සිදුවීම වාර්තා විය. ලකුණු 240 ඉලක්කයක් හඹායමින් සිටි කේප් කෝබ්රාස් කණ්ඩායමට 36 වැනි ඕවර අවසන් වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 32 ක් පමණක් වුවත්, බෝනස් ලකුණ ලබාගැනීමට නම් ඔවුන්ට එහිදී වැඩි යමක් කිරීමට සිදුව තිබිණ.

ඉනිමේ 37 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක එඩී ලී පැමිණීමත් සමග ජේ.පී. ඩුමිනි, සිය ප්‍රහාරය ආරම්භ කළ අතර ඒ වන විට ඔහු පන්දු 30 කදී ලකුණු 34 ක් ලබා සිටියේය. එම ඕවරයේ පළමු පන්දු 4 ටම හයේ පහරවලින් සංග්‍රහ කළ ඩුමිනිට පස්වැනි පන්දුවේදී ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි.

ඒ අනුව ඔහුට 2007 වසරේදී ඕවරයකට හයේ පහර 6 ක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලිය නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළහ. එහෙත් ඕවරයේ අවසන් පන්දුව නිපන්දුවක් වීමත්, ඊට හතරේ පහරක් ගැසීමට ඩුමින් සමත් වීමත් සමග ඔහුට වාර්තාව කරා යෑමට අතිරේක පන්දුවක් හිමි විය.

නිපන්දුවේදී ලබාගත් ලකුණු 5 ත් සමගින් ඕවරයේ පළමු පන්දු 6 අවසන් වන විට ලකුණු 31 ක් රැස්කරගෙන සිටි ඩුමිනි අතිරේක පන්දුවටද හයේ පහරක් එල්ල කරමින් නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ගිබ්ස්ගේ වාර්තාව බිඳ දැමීමට සමත් විය.

 

- 036

 


අදහස් (0)

ඩුමිනි ඕවරයකදී ලකුණු 37 ක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.