Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල්රුවන්ගේ (87/6) පන්දු යැවීමෙන් නවසීලන්ත ‘ඒ’ ඉනිම අඩපණ වෙයි

ඩිල්රුවන්ගේ (87/6) පන්දු යැවීමෙන් නවසීලන්ත ‘ඒ’ ඉනිම අඩපණ වෙයි

ශනුක අරවින්ද - 2013 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (19) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම සදහා කඩුලු 3 ක් දැවී ලකුණු 135 ක් ලබා ලකුණු 88 ක් ඉදිරියෙන් සිටියේය.

තෙවැනි දිනය අවසන් වන විට කුසල් ජනිත් (නොදැවී 62) සහ කිත්රුවන් විතානගේ (නොදැවී 30) පන්දුවට පහර දෙමින් සිටියහ.

නවසීලන්ත ‘ඒ’ පිල කඩුලු 9 ක් දැවී ලකුණු 299 ක් ලබා පළමු ඉනිමේ ලකුණු 47 ක් පමණක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා ලකුණු 87 කට කඩුලු 6 ක් දවා ගනිමින් දස්කම් දැක්වීම කැපී පෙනුණි.

නවසීලන්ත ‘ඒ’ පිල කඩුලු 4 කට ලකුණු 258 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියදී මාධ්‍ය කුටිය අන්තයෙන් නැවතත් කැදවීම් ලැබූ ඩිල්රුවන් පෙරේරා පන්දු 7 ක් තුළදී ප‍්‍රබල පිතිකරුවන් වන ලූක් රොන්චි (47) සහ ටොඩ් ඇස්ටල් (19) දවා ගනිමින් ශ‍්‍රී ලංකා පිල වෙතට තරග නතු කර ගැනීමට සමත් විය.

ප‍්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ ලූක් රොන්චි පන්දු 47 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස් කළේය. රොන්චි සහ ඇස්ටල් පස්වැනි කඩුල්ල සදඟා පන්දු 60 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නවසීලන්ත ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු කාල් කචෝපා පන්දු 163 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 104 ක් රැස්කර සිටියදී වමතින් පා දග පන්දු යවන චතුරංග ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ඩිල්රුවන් පෙරේරා, නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු තුනම තම නම ඉදිරියෙන් සටහන් කරමින් ටෙස්ට් පිතිකරු කොලින් මුන්රෝගේ ඉනිම මිනිත්තු 10 කට සීමා කළේය. ශ‍්‍රී ලංකා පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූ ඩිල්රුවන්, මෙම පන්දු යැවීමත් සමග ටෙස්ට් පිලට සොයමින් සිටින පිට දග පන්දු යවන්නා තමන් බවට ඉගි කළේය.

කාල් කචෝපා සහ ඩර්ලි මිචෙල් එකතුව දෙවැනි කඩුල්ල සදහා ගොඩනගමින් සිටි සම්බන්ධතාව ලකුණු 95 ක කට සීමා කරමින් ඩිල්රුවන් පෙරේරා දෙවැනි කඩුල්ල ලෙස ඩර්ලි මිචෙල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

ඩිල්රුවන් පෙරේරා දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්ත ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලෙස ඇන්ඩන් ඩෙවිච් (32) පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් කරමින් පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ දැවැන්ත ලකුණු පුවරුවට රතු ඉලක්කම් ගෙන ආවේය.

නවසීලන්ත ‘ඒ’ පිල දෙවැනි දිනය වූ පෙරේදා (18) ක‍්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 31 ක් ලබා සිටියේය. ඊයේ නියමිත පරිදි පෙරවරු 9.45 ට තරගය ආරම්භ කිරීමේ අවස්ථාව උදාවිය.

තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වන අද (20) පෙරවරු 9.45 ට තරගය ආරම්භ වීමට නියමිතය.

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 83.4 කදී සියලු දෙනා දැවී 252

(දිමුත් කරුණාරත්න 29, කෞෂාල් සිල්වා 103, අෂාන් ප‍්‍රියංජන් 40, මධුර ලක්මාල් 26, මාක් ගිලෙස්පි 52/2, ඩග් බේස්වෙල් 54/2, කොරී ඇන්ඩසන් 27/2, ඉෂ් සෝදි 34/3)

නවසීලන්ත ‘ඒ’ පිල පළමු ඉනිම
කාල් කචෝපා - ක. මූ. කළා ප. චතුරංග ද සිල්වා          104
ඇන්ටන් ඩෙවිච් - ප. ඩිල්රුවන් පෙරේරා    32
ඩර්ලි මිචෙල් - ඇ. දිනේෂ් චන්දිමාල් ප. ඩිල්රුවන් පෙරේරා  41
කොලින් මුන්රෝ - ක. මූ. කළා ප. ඩිල්රුවන් පෙරේරා   2
ලූක් රොන්චි - ඇ. සචිත‍්‍ර සේරසිංහ ප. ඩිල්රුවන් පෙරේරා   47
ටොඩ් ඇස්ටල් - ඇ. දිනේෂ් චන්දිමාල් ප. ඩිල්රුවන් පෙරේරා 19
ඩග් බෝස්වෙල් - ඇ. කුසල් ජනිත් ප. චතුරංග ද සිල්වා  25
ඉෂ් සෝදි - ප. චතුරංග ද සිල්වා       5
ඇඩම් මිල්නේ - ප. ඩිල්රුවන් පෙරේරා     9
මාක් ගිලෙප්සි - නොදැවී         1  
අතිරේක        14

එකතුව ඕවර 80 කදී කඩුලු 9 ක් දැවී     299

පන්දුවට පහර නොදුන් පිතිකරු:
කොරි ඇන්ඩසන්

කඩුලු වැටීම:
1-80 (ඇන්ටන් ඩෙවිච්), 2-175 (ඩර්ලි මිචෙල්), 3-185 (කොලින් මුන්රෝ), 4-191 (කාල් කචෝපා), 5-258 (ලූක් රොන්චි), 6-258 (ටොඩ් ඇස්ටල්), 7-281 (ඉෂ් සෝදි), 8-296 (ඩග් බෝස්වෙල්), 9-299 (ඇඩම් මිල්නේ)

පන්දු යැවීම:
විමුක්ති පෙරේරා: 13-2-50-0, මධුර ලක්මාල්: 7-1-30-0, නුවන් ප‍්‍රදීප්: 4-1-62-0, ඩිල්රුවන් පෙරේරා: 30-4-87-6, චතුරංග ද සිල්වා: 16-1-60-3

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ. ලූක් රොන්චි ප. ඩග් බෝස්වෙල් 11     
කුසල් ජනිත් - නොදැවී       62
කෞෂාල් සිල්වා - ප. ඇඩම් මිල්නේ     12
දිනේෂ් චන්දිමාල් - ඇ. ටොඩ් ඇස්ටල් ප. ඩග් බෝස්වෙල්  12
කිත්රුවන් විතානගේ - නොදැවී      30
අතිරේක         8

එකතුව ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී            135

පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ:
අෂාන් ප‍්‍රියංජන්, චතුරංග ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, මධුර ලක්මාල්, විමුක්ති පෙරේරා, නුවන් ප‍්‍රදීප්

කඩුලු වැටීම:
1-14 (දිමුත් කරුණාරත්න), 2-57(කෞෂාල් සිල්වා), 3-74(දිනේෂ් චන්දිමාල්)

පන්දු යැවීම:
මාක් ගිලෙප්සි: 3-0-31-0, ඩග් බෝස්වෙල් : 8-1-50-2, ඇඩම් මිල්නේ: 3-0-16-1, ඉෂ් සෝදි: 4-0-30-0, ටොඩ් ඇස්ටල්: 1-0-4-0

(ඡයාරූප : ශාන්ත රත්නායක)

 


අදහස් (3)

ඩිල්රුවන්ගේ (87/6) පන්දු යැවීමෙන් නවසීලන්ත ‘ඒ’ ඉනිම අඩපණ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.