Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවීසීමට සූදානමින් සිටී. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙන මෙම තරගය දිවා/රාතී‍්‍ර තරගයක් වන අතර තරගය පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිතය.
”ඩිල්ෂාන් අයියා හුගාක් සුව අතට හැරිලා ඉන්නේ. අද එයාට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකුත් තිබ්බා.. මා හිතන්නේ එයාට හෙට තරගයට කී‍්‍රඩා කරන්න පුළුවන්” යයි දිනේෂ් චන්දිමාල් අද (19 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.
පාදයේ ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තුන්කොන් තරගාවලියෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටී. ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ නොසිටින හෙයින් ඩිල්ෂාන්ගේ ආගමනය නව නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි සැනසීමකි.
(බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අසමත් වීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ඬේවිඞ් බූන් මහතා විසින් මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක් පනවන ලදි.)
තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ආබාධයක් සහිතවම කී‍්‍රඩා කළ ළහිරු තිරිමාන්නද මේ වන විට සුවය ලබා සිටී. පළමු තරග දෙක සඳහා තිරිමාන්න උපනායකත්වයටද පත්කර තිබේ.
මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න කිහිපයක්ම බලාපොරොත්තු වූවාට වඩා හොඳින් විසඳී තිබෙන නමුත් කණ්ඩායමේ අවසන් 11 දෙනා සම්බන්ධයෙන් අද සවස් වන තුරුත් නිශ්චිත තීරණයක් නොතිබිණ.
”අපට මේ තරගාවලියට නවකයන් සිටිනවා”
”ජෙහාන් මුබාරක්ටත් ඇන්ජලෝටත් (පෙරේරා) හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් හෙට උදේටත් තණතීරුව බලල අපට තීරණය කරන්න වෙනවා කවුරු එක්කද සෙල්ලම් කරන්නේ කියලා” යයි ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් අද පැවසීය.
කෙසේ වෙතත් තමන් පිතිකරුවකු වශයෙන් තරමක් දුරට අසාර්ථකව සිටීම චන්දිමාල්ට හිසරදයක් වී තිබේ. එහෙත් එයින් මිදීම තමන්ගේම වගකීමක් බවද හෙතෙම දනී.
”පසුගිය සංචාර දෙකේදීම මා පිතිකරුවෙක් විදිහට අසාර්ථක වුණ බව මා පිළිගන්නවා”
”දැන් මට තියෙන්නේ පිතිකරුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් මගේ වගකීම ඉෂ්ට කරගෙන මෙතැනින් උඩට එන එකයි” යයිද චන්දිමාල් පැවසීය.
”තමන්ගේ සුපුරුදු දස්කම් දක්වන්න බැරි කාලයක් සෑම කී‍්‍රඩකයකුටම තියෙනවා. ඒත් මම හොඳ කී‍්‍රඩකයෙක් නම් මම දැනගන්න ඕන එතනින් කොහොමද උඩට එන්නේ කියලා” යයිද ශී‍්‍ර ලංකාවේ ලාබාළතම නායකයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර දකුණු අපි‍්‍රකානුවෝ සිය සැලසුම් වෙනස් කරමින් තරගාවලියට අවතීර්ණ වීමට සැරසෙති.
මෙවර ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින දකුණු අපි‍්‍රකානු පිල නවක කී‍්‍රඩකයන් රැුසකගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තමන්ගේ සංයුතිය සොයා ගැනීමයි. එහිදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ දග පන්දුවයි.
”අපේ වේග පන්දු යවන්නන් ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒත් රොබින් පීටර්සන් සහ ඒරන් පැන්ගිසෝ වගේ දෙන්නෙක් දෙපැත්තෙන් පන්දු යවන විට අපට අවශ්‍ය දේ වෙනවා යයි මා හිතනනවා”
”ජේ. පී.ටත් (ඩූමිනි) අවස්ථානුකූලව පන්දු යැවිය හැකි නිසා ඇතැම් විට අපි දග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක මේ තරගාවලියට එන්නත් පුළුවන්... අපේ උපක‍්‍රම වෙනස් විය හැකියි” දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පැවසීය.
දකුණු අපි‍්‍රකානු පිලේ සිටින ප‍්‍රධාන පෙළේ වේග පන්දු යවන්නන් වන මෝර්නි මෝකල් සහ ලොන්වාබෝ සොත්සොබි දෙදෙනාම ආබාධයන්ට ලක්ව සිටිති. එහෙත් ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, හෙට තරගය සඳහා කී‍්‍රඩා කරවීමට සූදානම් කරවන බවත් ඩිවිලියර්ස් පැවසීය.
ශී‍්‍ර ලංකා සංචිතය :
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්
දකුණු අපි‍්‍රකානු සංචිතය:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, ක්වින්ටින් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසි, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රෝරි ක්ලින්වෙල්ට්, රයාන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මෝකල්, කි‍්‍රස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැන්ගිසෝ සහ ලොන්වාබෝ සොත්සෝබි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.