Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී අද (28) ආරම්භ වූ 57 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනයේ ක්රීඩාව අවසන් කරන විට තර්ස්ටන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 131 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
තර්ස්ටන් විදුහල කඩුලු 5 ක් අතැතිව පළමු ඉනිමේ තවත් ලකුණු 79 ක් පසු පසින් සිටියි.
පළමු දිනයේ ක්රීඩාව අවසන් වන විට විහඟ ජයමාන්න (නොදැවී 33) භවන්ත ජයසිංහ (නොදැවී 55) පන්දුවට පහර දෙමින් සිටියහ.
පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විදුහල් පිල ඕවර 59.2 කදී සියලු දෙනා දැවී ලකුණු 210 ක් රැස්කළේය.
එහිදී සවිඳු උත්සර (70) සහ ලෙෂාන් අමරසිංහ (65) ඇර්ධ ශතක ලබමින් ඉසිපතන විදුහල ඔසවා තිබූහ.
හෙට (29) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 210
(ලෙෂාන් අමරසිංහ 65, සවිඳු උත්සර 70, සවීන් දන්ත 19, භවන්ත ජයසිංහ 53/4, ධනංජය සිල්වා 33/3)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලු 5 ට 131
(විහඟ ජයමාන්න නොදැවී 33, භවන්ත ජයසිංහ නොදැවී 55, දිනාත් දිසානායක 35/2)
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.