Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් පිහිනුම් තටාකයේදී ක්‍රීඩා ලෝකයම අන්දමන්ද කළ ජෝෂප් ස්කුලිං ඔලිම්පික් පිහිනුම් තටාකයේ අද්වීතීය ශූරයා වන මයිකල් පෙල්ප්ස් පරාජය කළේය. සිය 23 වැනි ඔලිම්පික් රන් පදක්කම සොයා ගිය 31 හැවිරිදි මයිකල් පෙල්ප්ස් මිටර 100 සමනල ආර ඉසව්වේදී පරාජය කරමින් රන් පදක්කම දිනාගත් ජෝෂප් ස්කූලිං තවමත් 21 හැවිරිදි සිංගප්පූරු ජාතිකයෙකි.
ජෝෂප් ස්කූලිං පිහිනුම් ක්‍රීඩකයකු වීම සඳහා දිරිමත් කරනු ලැබුවේද මයිකල් පෙල්ප්ස් විසිනි. ඒ වසර 2008 දී මයිකල් පෙල්ප්ස් හමවූ අවස්ථාවකදීය. ඒ වන විට ස්කූලිං 13 වැනි වියේ පසුවිය.
මීටර 100 සමනළ ආර ඉසව්ව තත්ත්පර 50.38 කින් නිමකරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවූ ජෝෂප් ස්කුලිංට තරගය අවසානයේදී සමගම තමන්ගේ වීරයා වූ මයිකල් පෙල්ප්ස් දෙවැනියා වීම අදහාගත නොහැකි වී තිබේ.
“නියමයි. ඒක කදිම තරගයක්’ යයි ඔහු මට කිව්වා. මම කිව්වා ඔහුට තවත් අවුරුදු 4 ක් තරග කරන්න කියලා. ඒත් ඔහු කියන්නේ කිසිසේත්ම නැහැ කියායි” යයි තරගයෙන් අනතුරුව මයිකල් පෙල්ප්ස්ගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ජෝෂප් ස්කූලිං පැවසීය.
මෙම ඉසව්වේදි ලබාගත් රිදී පදක්කම එක්තරා විදිහක සැනසීමක් යයිද මයිකල් පෙල්ප්ස් තරගයෙන් අනතුරුව කීවේය. කෙසේ වෙතත් තමන්ගේ ඔලිම්පික් තරග දිවිය හමාර කිරීමට පෙර තවත් එක රන් පදක්කමක් කරා යාමේ අවස්ථාව මයිකල් පෙල්ප්ස්ට ඉතිරි වී තිබේ. ඒ අද රාත්‍රියේදි පැවැත්වෙන මීටර 100x4 මිශ්‍ර සහාය පිහිනුම් ඉසව්වයි.
මයිකල් පෙල්ප්ස් කියන්නේ සිය පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් (2016 - රියෝ) අනතුරුව තරග දිවියෙන් සමුගන්නා බවයි.
ජෝෂප් ස්කූලිං තරග වදිමින්... |
|
|
|
![]() |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.