Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තහනම් උත්තේජක පරීක්‍ෂණ භීතිකාවක් වෙයි

තහනම් උත්තේජක පරීක්‍ෂණ භීතිකාවක් වෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක පරීක්ෂණ භීතිකාව සමඟ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 95 වැනි ජාතික ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන  හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නව ශ්‍රී ලංකා වාර්තා තුනකට සහ තරගාවලි වාර්තා අටකට සීමා විය. පැරණි වාර්තා සම කිරීම්ද එකකට පමණක් සීමා වෙමින් 2017 වසරේ උදාසීනම මලල ක්‍රීඩා තරගාවලිය ලෙස ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය සෙනසුරාදා (02 දා) අවසන් විය. 
 
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවන ලද මෙවර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2017 මලල ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රධානම සහ අවසන් තරගාවලියයි. 
 
ලබන 2018 අප්‍රේල් 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය තෝරා ගැනීමේ පූර්ව තේරීම් තරගාවලියක් ලෙස මෙවර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නම් කර තිබිණ. එහෙත් ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් තරගාවලියට සහභාගී නොවීම නිසා සෑම තරග ඉසව්වක්ම තරගකාරිත්වයකින් තොරව අවසන් විය.
 
මෙම තරගාවලිය ආශ්‍රිතව තහනම් උත්තේජක පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය පියවර ගැනීම ඊට ප්‍රධානම හේතුව වූ බව මලල ක්‍රීඩා බලධාරීහු පවසති.
 
යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ අනීතා ජෙගනීස්වරන් (රිටි පැනීම කාන්තා) ඉසව්වේදී මීටර් 3.47 ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක වන අජිත් කුමාර කරුණාතිලක දස ප්‍රයාම ඉසව්ව ලකුණු 7097 ක් ලබාගත්තේය.
 
ලක්ෂිකා සුගන්ධි සප්ත ප්‍රයාම ඉසව්වේදී ලකුණු 4879 ක් ලබාගත්තාය. මේ තිදෙනාම තමන් සතුව තිබූ ශ්‍රී ලංකා වාර්තා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමත් වූහ. ඒ හැර වෙනත් කිසිවෙකුට අලුතින් ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව හිමි නොවුණි.
 
දැනට 33 වැනි වියෙහි හසුවන ශ්‍රී ලංකා යුද හමුදාවේ මංජුල කුමාර විජේසේකර මෙවර විශේෂ කුසලතා 4ක් (දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා, දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ තරගාවලියේ සමස්ත දක්ෂතම ක්‍රීඩකයා) දිනා ගැනීමට සමත් විය.
 
ඔහුට සමගාමීව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ඊ.ඩබ්.යූ. රත්නකුමාරි සම්මාන ලැබුවාය. 

 

 

විශේෂ දක්‍ෂතා 
දක්ෂතම   ක්‍රීඩකයා (කඩුලු පැනීමේ ඉසව්ව) ඒ.එල්.ඒ.එල්. රත්නසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්ෂතාව මීටර 400 කඩුලු පිරිමි ත.51.05 
දක්ෂතම ක්‍රීඩකයා (විසි කිරීමේ ඉසව්) ඩී.එස්.රණසිංහ ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව හෙල්ල විසි කිරීම පිරිමි මීටර 76.92 
දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා මංජුල කුමාර විජේසේකර ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්ෂතාව උස පැනීම මීටර 2.21
දක්ෂතම කෙටි දුර ක්‍රීඩකයා (පිරිමි) දිලිප් රුවන් ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 400 ත.46.66
දක්ෂතම කෙටි දුර ක්‍රීඩිකාව ඊ.ඩබ්.යූ. රත්මකුමාරි ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 400 ත.53.63
දක්ෂතම මැදි දුර ක්‍රීඩිකාව ජී.ටී.ඒ. අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාව දක්ෂතාව මීටර 800 මි.2.05.69
දක්ෂතම දුර දිවීමේ ක්‍රීඩිකාව යූ.කේ.එන්.රත්නායක ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 3000 බාධක දිවීම මි.10.25.25
දක්ෂතම කඩුලු පැනීමේ ක්‍රීඩිකාව ඊ.කේ.මධුෂානි ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 400 කඩුලු මි.1.00.89
දකෂතම පැනීම් ඉසව් ක්‍රීඩිකාව එච්.ඩී. විදූෂා ලක්ෂාණි ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව තුන් පිම්ම මීටර 13. 43 
දක්ෂතම විසි කිරීමේ ඉසව් ක්‍රීඩිකාව ඩබ්.කේ.ටී ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව යගුලිය විසි කිරීම  මීටර 14.52
දක්ෂතම ක්‍රීඩිකාව (මැදි දුර සහ දුර දිවීම) එච්.ඩී.එච්.අයි.ජී. ඉඳුනිල් හේරත් ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 800 මි.1.48.83
දක්ෂතම ක්‍රීඩිකාව ඊ.ඩබ්.යූ.රන්මා කුමාරි ශ්‍රී ලංකා යුද හමුදාව දක්ෂතාව මීටර 400 ත.53.63
දක්ෂතම ක්‍රීඩකයා මංජුල කුමාර විජේසේකර ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්ෂතාව මීටර 2.21
තරගාවලියේ සමස්ත දක්ෂතම ක්‍රීඩකයා (පිරිමි සහ කාන්තා)  මංජුල කුමාර විජේසේකර ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්ෂතාව දුර පැනීම මීටර 2.21
 
 
 
 
 
 

අදහස් (0)

තහනම් උත්තේජක පරීක්‍ෂණ භීතිකාවක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.