Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කරාටේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 61 බර පංතිය යටතේ අද (26 වැනිදා) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජෝර්දානයේ ජබර් හුඩා හමුවේ ලකුණු 8-0 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ තාරිකා සමන්මලීට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට ලබාගැනීමට නොහැකි වූවාය.
අද පැවැති පිරිමි කරාටේ ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ජයග්‍රහණ ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රසන්න සඳරුවන්ද සහ අකිහිරෝ ලොකුකළුගේද ඔවුන් නියෝජනය කළ බර පංතිවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී පරාජයට පත් වූහ.
කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදුණ ප්‍රසන්න එම බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව තරයේදී ලකුණු 4-2 ක් ලෙස ඇෆ්ගනිස්තානයේ හස්ටාර් ගුල් පරාජය කළ අතර අර්ධ අවසන් පූර්ව තරයේදී ලකුණු 3-1 ක් ලෙස මැලේසියාවේ ප්‍රේම් කුමාර් හමුවේ පරාජය විය.
කිලෝ ග්‍රෑම් 67 බර පංතිය යටතේ තරග වැදුණ අකිහිරෝ එම බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව තරයේදී ලකුණු 6-2 ක් ලෙස ජපානයේ හිරෝටෝ ෂිනොහරා පරාජය කළ අතර අර්ධ අවසන් පූර්ව තරයේදී ලකුණු 10-0 ක් ලෙස කසකස්තානයේ දිදාර් අමීරලී හමුවේ පරාජය විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.