Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ සිවුවැනි අදියර ජය ගැනීමට ප්‍රංශයේ අර්නවුඞ් ඩිමේයර් සමත් විය.කිලෝ මීටර් 207.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ විටෙල් නරගයෙන් ආරම්භ වී මොන්ඩොර්ෆ් ලෙස් බේන්ස් නගරයෙන් නිමාවට පත් වූ අතර එම අදියර නිමා කිරීම සඳහා ඩිමේයර්ට ගත වූ කාලය පැය 4.53:54 කි.
තෙවැනි අදියර ජයගැනීමට ඩිමේයර් සමත් වුවද, මුල් අදියර 3 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට මහ බි්‍රතාන්‍යයේ ජෙරේන්ට් තෝමස් සමත්ව සිටියි. තෝමස්ට වඩා තත්ත්පර 33 ක් පසුපසින් සිටින ඩිමේයර්ට සමස්ත තරගය ප්‍රතිඵලය අනුව හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
ඩිමේයර් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ නෝර්වේහි ඇලෙක්සැන්ඩර් ක්‍රිස්ටෝෆ් සිවුවැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ජර්මනියේ ඇන්ඩ්‍රි ග්‍රේපල් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ප්‍රංශයේ නේසර් බූහානි සහ ජර්ගන් රෝලන්ඞ්ස් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.
ඉකුත් වසරේ පැවැති ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් මෙවර තරගාවලියේ සිවුවැනි අදියර නිමා කළේ 22 වැනියා ලෙසිනි.
කෙසේ වුවත් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව පෙරමුණේ පසුවන තෝමස්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටින ෆෝම්ට හිමිව ඇත්තේ එහි 2 වැනි ස්ථානයයි.
පාපැදි සවාරියේ තෙවැනි අදියර අද (5 වැනිදා) විටෙල් නරගයෙන් ආරම්භ වී ලා ප්ලැන්චි ඩෙස් බේල්ස් ෆිලස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 160.5 කි.
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ජෙරේන්ට් තෝමස් (මහ බි්‍රතාන්‍යය) - පැය 14.54:25
2 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බි්‍රතාන්‍යය) - පැය 14.54:37
3 මයිකල් මැතිවුස් (ඕස්ටේ්‍රලියාව) - පැය 14.54:37
4 එඞ්වල්ඞ් බුවාසන් (නොර්වේ) - පැය 14.54:41
5 රොජර් ලැටුවර් (ප්‍රංශය) - පැය 14.54:50
6 පිලිප් ගිල්බර්ට් (බෙල්ජියම) - පැය 14.54:55
7 මයිකල් ක්වියාට්කොව්ස්කි (පෝලන්තය) - පැය 14.54:57
8 ටිම් වෙලන්ස් (බෙල්ජියම) - පැය 14.54:57
9 අර්නවුඞ් ඩිමේයර් (ප්‍රංශය) - පැය 14.54:58
10 නිකියාස් අර්ඞ්ට් (ජර්මනිය) - පැය 14.54:59
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.