Last Update  :  2025-04-26 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන් කොන් සටනේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට

තුන් කොන් සටනේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඇෆ්ඝනිස්ථාන සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ, අද (25 වැනිදා) අයර්ලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් මෙම ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 34.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 76 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කළ පවන් රත්නායක සහ පන්දු 83 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කළ මිලාන් රත්නායක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජය තහවුරු කළහ. 

ලකුණු 43 ක් ඇතුළත මුල් පිතිකරුවන් 5 දෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුවද, ඒ මොහොතේ පත්ව තිබූ අසීරු තත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මුදවාගත් පවන් සහ මිලාන් රත්නායක යුගලය 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 152 කදී ලකුණු 160 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට තරිඳු රත්නායක ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47.3 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. එහිදී තරිඳු ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර මිලාන් රත්නායක කඩුලු 3 ක්ද, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්ද බිඳහෙළමින් තරිඳුට අනගි සහායක් දුන්හ. 


අයර්ලන්ත ‘ඒ’ පිල - ඕවර 47.3 කදී සියලු දෙනා 200 
(ස්ටෙෆාන් ඩොහෙනි 19, කේඩ් කාමිචෙල් 21, මෝගන් ටොපින් 73, රොස් අඩෙයර් 16, තෝමස් මේයස් 36, තරිඳු රත්නායක 33/4, මිලාන් රත්නායක 24/3, දුෂාන් හේමන්ත 51/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 203
(ළහිරු උදාර 16, පවන් රත්නායක නොදැවී 77, මිලාන් රත්නායක නොදැවී 77, තෝමස් මේයස් 38/3, ලයෑම් මැකාති 50/2)   

 


අදහස් (0)

තුන් කොන් සටනේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.