Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තෙවැනි විස්සයි-20 තරගයේ ජය නවසීලන්තයට

තෙවැනි විස්සයි-20 තරගයේ ජය නවසීලන්තයට

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 74 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. කෙසේ වුවත් තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට මුල් තරග 2 ජයගත් එංගලන්තය සමත්ව සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. සෙසු පිතිකරුවන් සියලු දෙනාම අසාර්ථක වෙද්දී, එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ජොස් බට්ලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 21 කින් ලකුණු 40 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කයිල් ජැමීසන් සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ඉෂ් සෝධි ලකුණු 33 කට කඩුලු 3 ක්ද, නායක ටිම් සවුති ලකුණු 30 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ජැමීසන්ට අනගි සහායක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 23 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 83 ක්ද, ග්ලේන් පිලිප්ස් පන්දු 34 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 69 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 202
(ෆින් ඇලන් 83, ටිම් සෙයිෆට් 19, ග්ලේන් පිලිප්ස් 69, ගුස් ඇට්කින්සන් 31/2)

එංගලන්තය - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 128
(ජොස් බට්ලර් 40, මුයින් අලී 26, කයිල් ජැමීසන් 23/3, ඉෂ් සෝධි 33/3, ටිම් සවුති 30/2)

 

-036 


අදහස් (0)

තෙවැනි විස්සයි-20 තරගයේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.