Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ තෙවැනි අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවිශ්ක මැඩොන්සා සමත් විය. අද (6 වැනිදා) පෙරවරු 8.30 ට බලන්ගොඩ ඔරලෝසු කණුව අසලින් ආරම්භ වූ තෙවැනි අදියර පස්වරු 12.45 ට මහියංගනය මහජන ක්‍රීඩාංගණය අසලින් නිමාවට පත් විය.
කිලෝ මීටර් 130.8 කින් සමන්විත වූ තෙවැනි අදියරේ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාර සමත් වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාත් මධුසංක එහි තෙවැනි ස්ථානයට පත් විය.
මේ වන විට මෙම සවාරියේ අදියර තුනක් නිමාවට පත්වී ඇති අතර එහිදී තරගකරුවන් කිලෝ මීටර් 451.7 ක දුරක් ගෙවා අවසන් කර ඇත. සමස්ත සවාරිය කිලෝ මීටර් 821 ක දුරකින් සමන්විතය. කෙසේ වෙතත් අදියර තුනක් අවසානයේ කැපීපෙනෙනම සිදුවීම වන්නේ එම අදියර තුනේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා විවිධ ජයග්‍රාහකයන් තේරී පත්ව සිටීමයි.
අදියර දෙකක් අවසානයේ සවාරියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයා වන නාවික හමුදාවේ ජානක හේමන්ත, අද තරගය ආරම්භ කිරීමට පෙර ඔහුට හිමි කහ පැහැති බැනියම ලබා ගත්තේය. මුල් අදියර දෙක අවසන් කිරීම සඳහා ජානකට පැය 7.40.58 ක කාලයක් ගතවී තිබිණ.
අදියර දෙකක් අවසානයේ ඉදිරියෙන්ම සිටි යොවුන් පාපැදිකරුවා ලෙස පොලිසියේ අවිශ්ක උමයංගත්, වේගවත්ම ක්‍රීඩකයා ලෙස යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂත්, කඳුනැගීමේ ශූරයා ලෙස වරාය අධිකාරියේ සජිත් හසංතත් ඔවුන්ට හිමි බැනියම් පැළැඳ අද තරගයට සහභාගි වූහ.
කොළඹ සිට මාතර දක්වා 4 වැනිදා පැවැති පළමු අදියර (කිලෝ මීටර් 159.5) ජයගැනීමට ඬේන් නුගේරා (ගුවන් හමුදාව) සමත් වූ අතර සොනාල් ද සිල්වා (වරාය අධිකාරිය) සහ තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව) පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.
මාතර සිට බලන්ගොඩ දක්වා 5 වැනිදා පැවැති දෙවැනි අදියර (කිලෝ මීටර් 161.4) ජයගැනීමට සජිත් හසන්ත (වරාය අධිකාරිය) සමත් වූ අතර ක්‍රිෂාන් මධුසංක (නාවික හමුදාව) එහි දෙවැනි ස්ථානයටත්, උදය කුමාර (ස්ටෙෆනෙලි පිලිප්පෝ) තෙවැනි ස්ථානයටත් පත් වූහ.
අදියර පහකින් සමන්විත මෙම සවාරියේ සිවුවැනි අදියර හෙට (7 වැනිදා) මහියංගනයේ සිට දඹුල්ල දක්වා පැවැත්වෙන අතර එහි මුලු දුර කිලෝ මීටර් 140 කි. මහියංගනය මහජන ක්‍රීඩාංගණය අසලින් පෙරවරු 8.30 ට නිදහස් ධාවනයක් ලෙස ආරම්භ වන සිවුවැනි අදියර පෙරවරු 8.45 ට හසලක ඔරලෝසු කණුව අසලින් නිල වශයෙන් ආරම්භ වේ. මෙම අදියර තුළදී තරගකරුවන්ට දහඅට වංගුව තරණය කරමින් ගමන් කිරීමට සිදුවේ.
දහඅට වංගුව ප්‍රදේශයට ළඟාවන සවාරිය, එතැන් සිට උඩුදුම්බර, හුන්නස්ගිරිය, වික්ටෝරියා හංදිය, මහනුවර, අකුරණ සහ මාතලේ යන නගර පසු කරමින් දඹුල්ල බස් නැවතුම්පළ අසලින් නිමාවට පත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.