Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙසට හිටපු වේගපන්දු යවන්නකු වූ ග්‍රැහැම් ලැබ්රෝයී මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15 වැනිදා) පැවැති ක්‍රිකට් වැඩමුළුව අවසානයේදී බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීම පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ලැබ්රෝයි මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, හිටපු නායක අරවින්ද ද සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගි වී ඇත.
තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, අසංක ගුරුසිංහ සහ ජෙරී වවුටර්ස් යන මහත්වරුන් පත්කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිස පසුගිය මස අගදී ඉල්ලා අස්වූ හෙයින් තව නොබෝ දිනකින් ආරම්භ වීමට ශ්‍රී ලංකා - පාකිස්තාන් තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීම අර්බුදයක්ව තිබිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ තේරීම් කමිටුව සෙනසුරාදා (අද) නම්කරන බවත් එතෙක් අනුමාන ඉදිරිපත් නොකරන ලෙසත්ය.
ග්‍රැහැම් ලැබ්රෝයි 1986 සිට 1992 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 9 කදී කඩුලු 27 ක් දවාගෙන ඇති අතර එක්දින තරග 44 කදී කඩුලු 45 ක් දවාගැනීමට සමත්වී ඇත. 2012 සිට 2017 මාර්තු මාසය දක්වා එක්දින 29 කදි සහ විස්සයි20 තරග 32 කදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරක වරයකු ලෙසද ලැබ්රෝයී මහතා කටයුතු කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.