Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ති‍්‍රත්ව සිංහයෝ පෙරමුණ ගනිති

ති‍්‍රත්ව සිංහයෝ පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි අර්ධයේදී රාජකීයයන්ගේ දැඩි ප‍්‍රහාරයකට මුහුණ දුන් නමුත් 70 වැනි බ‍්‍රැඞ්බි තරගයේ පළමු අදියරේදී ලකුණු 28-16 කින් පෙරමුණ ගැනීමට මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත් වූහ.

කොළඹ රාජකීය රග්බි කී‍්‍රඩා සංකීර්ණයේදී අද (10 වැනිදා) පැවැති මෙම තරගයේදී ති‍්‍රත්ව විදුහල් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඬුවම් පහර දෙකකින්  ලකුණු ලබාගත් අතර රාජකීය විදුහල් කී‍්‍රඩකයෝ ගෝල දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත්හ.

තරගයේ විවේක කාලයේදී ලකුණු 17-13 ක් වශයෙන් ඉදිරියෙන් සිටි ති‍්‍රත්ව විදුහල් පිල අන්තර් පාසල් රග්බි තරගාවලියේ ප‍්‍රසාද ලකුණු පුවරුවේදීත් රාජකීය පිලට වඩා ඉදිරියට පැමිණ සිටී.

තරගය පැවැත්වෙමින් තිබියදී විනිසුරු දිමිත‍්‍රි ගුණසේකර මහතාගේ පාදයේ මස්පිඬු පෙරළීමක් නිසා වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය. එය රග්බි තරගයක ඉතාමත් කළාතුරෙකින් දක්නට ලැබෙන සිදුවීමකි. කෙසේ වෙතත් ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසුව දිමිත‍්‍රි ගුණසේකර මහතා දිගටම තරගය විනිශ්චය කළේය.

තරගය ආරම්භයෙන් ගෝල කනු ආසන්නයේදීම ලෝචන ගිරාගම ලබාගත් උත්සාහක දිනුම නායක තරින්ද රත්වත්ත විසින් ප‍්‍රවර්ථනය කරනු ලැබීම නිසා 7-0 ක් ලෙසින් ති‍්‍රත්ව පිල ඉදිරියට ආවේය. ඒ සමගම වාගේ රාජකීය නායක නිම්ශාන් ජයවර්ධන දඬුවම් පහරක් ලබාගැනීමෙන් ලකුණු තත්ත්වය 7-3 ක් විය.

සංචන සහ තරින්ද රත්වත්ත දෙදෙනාගේ සුසංයෝගයෙන් තවත් ගෝල දිනුමක් ති‍්‍රත්ව පිලට එක්වූ හෙයින් ලකුණු සංඛ්‍යාව 14-3 ක් විය. රත්වත්ත තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් හෙයින් ලකුණු සංඛ්‍යාව 17-3 ක් විය. විවේකයට පෙර රාජකීය පිලට තවත් ලකුනු 10 ක් එක්වූ අතර නායක නිම්ශාන් ජයවර්ධන එහි ප‍්‍රබල කොටස් කරුවකු විය.

දෙවැනි අර්ධයේදී වැඩි කාලයක් පන්දුව තමන් වෙත රඳවා ගැනීමට රාජකීය පිල සමත් වූ නමුත් ඔවුන් අපේක්‍ෂා කළ තරම් ලකුණු ලබගැනීමේ අවස්ථා නොලැබිණ. එහෙත් මේ අතරවාරයේදී ති‍්‍රත්ව කීඩකයෝ ලකුණු කරා ගියහ.

ලකුණු 28-16 ක් ලෙස ඉදිරියට පැමිණි ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ පළමු අදියරේදී ලකුණු 12 ක වාසියක් අත්කරගනිමින් මෙවරත් බ‍්‍රැඞ්බි පළිහ තමන් වෙත  රඳවාගැනීමේ පළමු උත්සාහය සාර්ථක කරගත්හ. අවසන් වසර තුනේදීම බ‍්‍රැඞ්බි පළිහ තමන් වෙත රඳවාගත් ති‍්‍රත්ව සිංහයන් සහ රාජකීය පිල අතර බ‍්‍රැඞ්බි තරගාවලියේ දෙවැනි අදියර තරගය මේ මස  24 වැනිදා පල්ලෙකැළේ ති‍්‍රත්ව රග්බි පිටියේදී පැවැත්වෙයි.  

 

 

 

ති‍්‍රත්ව - රාජකීය රග්බි තරගාවලියේ උණුසුම් අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ති‍්‍රත්ව සිංහයෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.