Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිසර පෙරේරා සන්රයිසස් පිල සමග

තිසර පෙරේරා සන්රයිසස් පිල සමග

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ශූරයන්ගේ ලීග් වි:20 තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරා ගන්නා ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතරට ශී‍්‍ර ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා ඇතුළත් වී තිබේ.

අයි. පී. එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කරමින් තරග 16 කදී කඩුලූ 19 ක් දවාගත් තිසර පිත්තෙන් ලකුණු 233 ක් රැුස්කිරීමටද සමත් විය. ඔහුගේ ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව 40 ක් වන අතර අයි. පී. එල්. තරගාවලියේදී ගැසූ හයේ පහර සංඛ්‍යාව 14 කි.

කෙසේ වෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායකයා වූ කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකාවෙන් මෙම තරගාවලියට එක්වන කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කිරීම නිසා සංගක්කාරගෙන් හිස්වූ ස්ථානයට සන්රයිසස් හයිද්‍රාබාද් පිල තවමත් කී‍්‍රඩකයකු නම් කර නැත.

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම

ශිකාර් ධාවන්, පාර්තිව් පතෙල්, කැමරන් වයිට්, ජේ. පී. ඩුමිනි, ඬේල් ස්ටේන්, ඩැරන් සමී, බිප්ලබි සමන්ත්‍රේ, තිසර පෙරේරා, කරන් ෂර්මා, හනුමන් විහාරි, අශීශ් රෙඞ්ඩි, අමිත් මිෂ්රා, ඉශාන්ත් ෂර්මා සහ ආනන්ද් රාජන්


 


අදහස් (6)

තිසර පෙරේරා සන්රයිසස් පිල සමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.