Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිසර ලෝක කණ්ඩායම දිනවයි

තිසර ලෝක කණ්ඩායම දිනවයි

ශනුක අරවින්ද - 2017 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ලෝක කණ්ඩායම සමත් වූයේය.

තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුව තිබූ අතර එම ඕවරයේ 5 වැනි පන්දුවට තිසර පෙරේරා ගැසූ හයේ පහරින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 47 ක් රැස්කළ තිසර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේ පන්දු යැවීමේදී කඩුලු දෙකක්ද දවාගැනීමෙන් පසුවය.

ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. තිසර සහ අම්ලා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 69 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලෝක කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන ගියහ.  

සොහේල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 31 ක් ලබා සිටියදී තිසර පෙරේරා දුන් පහසු උඩ පන්දුව ලෝන්ග් ඕන්හි පන්දු රකිමින් සිටි ෂොයිබ් මලික් අතින් ගිළිහීයාම තරගයේ තීරණාත්මක සිදුවීමක් විය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කරමින්ද, නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින්ද ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අහමඞ් ශේෂාඞ් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය. ෆකාර් සමාන් (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, ඉන් නොනැවතී බාබර් අසාම් (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පන්දු 38 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත වූ අතර පන්දු 13 කදී වාර්තා වූ ෆකාර් සමාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අතුළත් විය. පාකිස්තාන ඉනිමේ අවසන් කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 23 කදී ලකුණු 39 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

පාකිස්තාන ඉනිමේ 19 වැනි ඕවරය යැවූ තිසර පෙරේරා එහි සිවුවැනි සහ අවසන් පන්දුවලදී ඉමාඞ් වසීම් (15) සහ නායක සෆ්රාස් අහමඞ් (00) දවාගැනීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 කට 174  
(ෆකාර් සමාන් 21, අහමඞ් ශේෂාඞ් 43, බාබර් අසාම් 45, ෂොයිබ් මලික් 39, ඉම්ඩාඞ් වසීම් 15, තිසර පෙරේරා 23/2, සැමුවෙල් බද්රි 31/2)

ලෝක කණ්ඩායම - ඕවර 19.5 කදී කඩුලු 3 කට 175  
(ටමීම් ඉක්බාල් 23, හෂීම් අම්ලා නොදැවී 72, ෆෆ් ඩුප්ලෙසි 20, තිසර පෙරේරා නොදැවී 47)

-036

 


අදහස් (4)

තිසර ලෝක කණ්ඩායම දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.