Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම ක්‍රීඩකයා දෙව්මිත් : ක්‍රීඩිකාව බිමන්දි

දක්ෂතම ක්‍රීඩකයා දෙව්මිත් : ක්‍රීඩිකාව බිමන්දි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල් මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේනද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සම්මාන දිනාගත්හ.

වයස 18 න් පහළ සහ 21 න් පහළ ශූරතා දෙකම දිනාගනිමින් දෙව්මිත් වීරසේන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය. එම වයස් කාණ්ඩ දෙකේම අවසන් මහ තරගවලදී ගම්පහ ලයිසිම් ජාත්‍යන්තර පාසලේ නදිල් ගමගේ පරාජය කිරීමට දෙව්මිත් සමත් විය.

වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී ගම්පහ සිරිකුරුස විදුහලේ නෙත්මි හෙට්ටිආරච්චි හමුවේ පරාජය වූ බිමන්දි බණ්ඩාර, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වත්තල ලයිසිම් ජාත්‍යන්තර පාසලේ පිනිදි ජයසිංහ පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට දිවයින පුරා සමස්ත ලංකා ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.


බාලක තරග ප්‍රතිඵල
■    වයස 8 න් පහළ
දිනුල අත්තනායක (බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සවින් නානායක්කාර (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල) පරාජය කරන ලදි. (11/09, 08/11, 11/07)

■    වයස 10 න් පහළ
ශෆියුල්ලා අක්‍රම් (මහනුවර අල් හුධා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසිම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/07, 11/05)

■    වයස 12 න් පහළ
දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසිම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/02, 11/07)

■    වයස 15 න් පහළ
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මහිත් ජයසුමන (ගම්පහ ලයිසිම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/08, 11/08)

■    වයස 18 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස නදිල් ගමගේ (ගම්පහ ලයිසිම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/05, 11/05)

■    වයස 21 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස නදිල් ගමගේ (ගම්පහ ලයිසිම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (15/13, 11/03)


බාලිකා තරග ප්‍රතිඵල
■    වයස 8 න් පහළ
සසිනි පනාගොඩ (ගම්පහ සුමේධ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සුෂේන්ද්‍රි ග්‍රේරු (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/02)

■    වයස 10 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ශමල්ෂා දෙව්මි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06)

■    වයස 12 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/02)

■    වයස 15 න් පහළ
නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/08, 07/11, 11/06)

■    වයස 18 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පිනිදි ජයසිංහ (වත්තල ලයිසිම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/08, 11/07)

■    වයස 21 න් පහළ
අනුෂ්කා ද සිල්වා (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස උතාරා කුමාරසිංහ (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/04)

 


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා දෙව්මිත් : ක්‍රීඩිකාව බිමන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.