Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම යතුරුපැදිකරුවා ශ්‍රියාන්

දක්ෂතම යතුරුපැදිකරුවා ශ්‍රියාන්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සියැට් - ශ්‍රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ දෙවැනි අදියර ලෙස පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශ්‍රියාන් සැමුවෙල්ස් සම්මාන දිනාගත්තේය.

යමහා ආර්. VI (සි.ධා. 600) වර්ගයේ යතුරුපැදියක් පැදවූ ශ්‍රියාන්, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි තරග දෙකම ජයගනිමින් දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

එම තරග දෙිකේම දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට හොණ්ඩා සී. බී. ආර්. (600 සී. සී.) වර්ගයේ යතුරුපැදියක් පැදවූ චමින්ද ද සිල්වා සමත් වූ අතර පළමු තරගයේ තෙවැනි ස්ථානය ප්‍රසන්න සුබසිංහද, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය ළහිරු ප්‍රදීප්ද දිනාගත්හ.

ප්‍රසන්න සුබසිංහ, කවසාකි ඉසෙඞ්. එක්ස්. VI ආර්. (600 සී. සී.) වර්ගයේ යතුරුපැදියකින්ද, ළහිරු ප්‍රදීප්, හොණ්ඩා සී. බී. ආර්. (1000 සී. සී.) වර්ගයේ යතුරුපැදියකින්ද තරගයට සහභාගි වූහ.

තවත් වේගවත් යතුරුපැදි තරග ඉසව්වක් වන සුපර් මෝටාඞ් කාණ්ඩයේ පළමු තරගය (සි. ධා. 250 දක්වා) ජයගැනීමට චමින්ද ද සිල්වා සමත් වූ අතර දෙවැනි තරගය (සි. ධා. 450 දක්වා ජයගැනීමට සුරාජ් පෙරේරා සමත් විය.

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් පසුපසට ඇද දමමින් එම තරගයේ පළමු ස්ථානය (හංසිකා අබේසිංහ) සහ තෙවැනි ස්ථානය (සුෂ්මි සොලංකි) දිනාගැනීමට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.  

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීමට ලබාල ක්‍රීඩක ජේඞ්න් ගූණවර්ධන සමත් වූයේ කූංචන ද සිල්වා සහ අයි. සී. එදිරිසිංහ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා සියැට් සමාගම ලෙස කටයුතු කළේය.

 

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 රිෂිත ප්‍රෂාන් සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 සුෂ්මි සොලංකි (හොණ්ඩා සී. බී. ආර්. 150)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 චතුර මධුසංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 ගනේෂාන් විජේකුමාර් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යකුරුපැදි තරගය
1 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දිලන්ත ප්‍රභාත් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 දේෂාන් සොලංකි (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ධනුෂ්ක චන්දිමාල් (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 චමින්ද සුභසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 ඉදුනිල් වීරසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 ඩිලාන් රත්නායක (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 ආර්. එම්. රණතුංග (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 එම්. සී. එස්. පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (මෙල්වා හොණ්ඩා 250)
2 කූංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 අයි. සී. එදිරිසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 250)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි පළමු තරගය
1 ශ්‍රියාන් සැමුවෙල්ස් (යමහා ආර්. ඪෂ 600)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ප්‍රසන්න සුබසිංහ (කවසාකි ඉසෙඞ්. එක්ස්. VI ආර්. 600)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි පළමු තරගය
1 ශ්‍රියාන් සැමුවෙල්ස් (යමහා ආර්. VI 600)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ළහිරු ප්‍රදීප් (හොණ්ඩා සී. බී. ආර්. 1000)

 

හංසිකා අබේසිංහ

ජේඞ්න් ගුණවර්ධන

ආනන්ද වෙඩිසිංහ

සුරාජ් පෙරේරා

ප්‍රසන්න සුබසිංහ
(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

දක්ෂතම යතුරුපැදිකරුවා ශ්‍රියාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.