Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලි නුවර ඩයමන්ඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 26.1 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුනු 44 ක් රැස්කළ හෙන්රිච් ක්ලාසෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 27 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අතර ජේ.පී. ඩුමිනි නොදැවී ලකුණු 16 ක්ද, විලියම් මල්ඩර් නොදැවී ලකුණු 14 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩායි චටාරා සහ වෙලින්ටන් මසකඞ්සා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 34.1 කදී ලකුණු 117 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුංගි න්ගිඩි ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගතතේය. සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා න්ගිඩිට අනගි සහායක් දුන් ඇන්ඩිල් පෙලුක්වායෝ, ඉම්රාන් තාහිර් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගත්හ.
සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ එල්ටන් චිගම්බූරා පන්දු 37 කදී ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඞ්සා පන්දු 54 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය. පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යෑම සිම්බාබ්වේ කණ්ඩායමට විශාල පාඩුවක් විය.
සිම්බාබ්වේ පිල - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 117
(හැමිල්ටන් මසකඞ්සා 25, එල්ටන් චිගම්බූරා 27, වෙලින්ටන් මසකඞ්සා 15, ලුංගි න්ගිඩි 19/3, ඇන්ඩිල් පෙලුක්වායෝ 22/2, ඉම්රාන් තාහිර් 23/2 කගිසෝ රබාඩා 34/2)
දකුණු අප්‍රිකානු පිල - ඕවර 26.1 කදී කඩුලු 5 ක් දැවී 119
(ඒඞ්න් මාක්‍රම් 27, හෙන්රිච් ක්ලාසේන් 44, ජේ.පී. ඩුමිනි 16, විලියම් මල්ඩර් නොදැවී 14, ටෙන්ඩායි චටාරා 12/2 වෙලින්ටන් මසකඞ්සා 26/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.