Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. තරගය රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියට පෙර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 4.1 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (01) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ එක්දින තරගාවලිය ජය ලැබීමෙන් පසුව තම කණ්ඩායම ඉහළ මානසික තත්ත්වයකින් විස්සයි20 තරගාවලියට පිවිසෙන බවයි.
‘‘විස්සයි20 තරග තුනක් තියෙනවා. දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ පහසුවට හිතන්න බෑ, මොකද ඔවුන්ට ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. අපේ සැලැස්ම සාර්ථක වුවහොත් පහසුවෙන් ජයග‍්‍රහණය දක්වා යන්න පුළුවන්’’
‘‘මේ වන විට සියලූම ප‍්‍රවේශපත් අළෙවී ඇති බවට දැනගන්න තියෙනවා. අපි බලමු තරගයේදී මොකක්ද වෙන්නෙ කියලා’’ යැයි ද චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
දකුණු අප‍්‍රිකානු විස්සයි20 පිලේ නායක ෆෆ් ඩූ ප්ලිසිස් පැවසුවේ තම කණ්ඩායමේ බලාපොරොත්තුව විස්සයි20 තරගාවලියේ සියලූ තරග ජය ලැබීම බවයි.
‘‘අපේ සංචිතයට තරුණ ක‍්‍රීඩකයන් සිවුදෙනකු එකතු වී සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කියන්නේ විස්සයි20 ක‍්‍රිකට් වල ශ්‍රේණිගත කිරීමේ අංක එක, ඔවුන් සතුව සුපිරි දඟ පන්දු යවන්නන් සිටිනවා, ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන් ඔවුන්ගේ රටේදී වඩාත් ප‍්‍රබලයි’’ යැයි ප්ලිසිස් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේදී පසුගිය වසරේ (2012) පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සූරියවැව ක‍්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මේ දක්වා පවත්වා ඇති එකම විස්සයි20 තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 32 ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක සහ අජන්ත මෙන්ඩිස්
දකුණු අප‍්‍රිකානු විස්සයි20 සංචිතය:
ෆෆ් ඩූ ප්ලිසිස් (නායක), ඒ. බී. ඩිවිලියස්, හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, කුයිටන් ඞී කොක්, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රොරී ක්ලීන්වෙල්ඞ්, රයන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මොනේ මොර්කල්, ක‍්‍රිස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැංගිසෝ, ලොන්වාබෝ සොසොබේ, හෙන්ද්‍රි ඬේවිඞ්ස්, වේන් පර්නෙල් සහ ඬේවිඞ් විසි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.