Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අපි‍්‍රකාවට ලකුණු 6 ක ජයක්

දකුණු අපි‍්‍රකාවට ලකුණු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විශිෂ්ට පිතිහරඹයක යෙදුණු නෙදර්ලන්ත ආරම්භක පිතිකරු ස්ටීවන් මයිබර්ග් පන්දු 28 කින් ලකුණු 51 ක් ලබා තම පිලට ජයග‍්‍රහණයේ මාවත විවර කර දුන් නමුත් මැද පෙළ පිතිකරුවන්ගේ අනවශ්‍ය කලබලය නිසා නෙදර්ලන්තයට ලබාගතහැකිව තිබූ අනගි ජයක් අහිමි කළ දකුණු අපි‍්‍රකානුවෝ චිතගොන් නුවරදී අද (27 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේදී ලකුණු 6 ක සියුම් ජයක් ලබාගත්හ.

දකුණු අපි‍්‍රකානු ඉනිම ලකුණු 145 කට සීමා කිරීමෙන් අනතුරුව සාර්ථක  හඹා යාමක නිරතව වූ නෙදර්ලන්ත පිතිකරුවෝ ඕවර 10 ක් නිමා වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියහ. එහෙත් 11 වැනි  ඕවරයේදී නෙදර්ලන්ත නායක පීටර් බෝරාන් දවාගත් ඉම්රාන් තහීර් ඇතිකළ පීඩනය නිසා පන්දු 29 ක් ඇතුළතදී කඩුලූ 5 ක් බිඳ වැටිණ. ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගත් තහීර් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

නෙදර්ලන්ත ජයග‍්‍රහණය සඳහා අවසන්  ඕවර 5 දී පන්දු 30 කින් ලකුණු 26 ක් ලබාගත යුතු වුවත් ඔවුන් සතුව තිබුණේ කඩුලූ 3 ක් පමණි. දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීමත් විශේෂයෙන්ම දකුණු අපි‍්‍රකානු පන්දු රකින්නන්ගේ විශිෂ්ට පන්දු රැකීමත් නිසා නෙදර්ලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.

නෙදර්ලන්ත පන්දු යවන්නන්  හමුවේ තරමක පසුබෑමකට ලක්වූ දකුණු අපි‍්‍රකානුවෝ නියමිත  ඕවර 20 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්හ.

තුන්වැනි  ඕවරය යැවූ මයිකල් ස්වාත්ගෙන් ලකුණු 23 ක් උදුරා ගැනීමට හසිම් අම්ලා සමත් වූ නමුත් අම්ලාගේ ඉනිම පන්දු 22 කින් නිමා වීමත් සමගම දකුණු අපි‍්‍රකානුවෝ පසුපාදයට වැටුණහ. ප‍්‍රහාරක පිතිකරුවන් වූ ඒ. බී. ඩිවිලියර්ස් සහ ජේ. පී. ඩුමිනි පිටිය මැද එක්ව සිටියද ඩිවිලියර්ස්ට පන්දු යවන්නන් පසුපස හඹා යාමට ඉඩදී ඩුමිනි සිය කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට උත්සුක වුවද ඩුමිනිගේ ඉනිමත් පන්දු 15 කට සීමා විය.

තවමත් 24 හැවිරිදි අශාන් මලික් දකුණු අපි‍්‍රකානු ඉනිම විනාශ කරමින් ලකුණු 19 කට කඩුලූ 5 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 24 න් 12 කටම ලකුණු ලබාගැනීමේ අවසර නොදෙමිනි.


දකුණු අපි‍්‍රකාව -  ඕවර 20 කදී කඩුලූ 9 කට 145
(හසිම් අම්ලා 43, ෆෆ් ඩු ප්ලෙසි 24, ඒ.බී. ඩිවිලියර්ස් 21, ජේ. පී. ඩුමිනි 12, ඬේවිඞ් මිලර් 17, අශාන් මලික් 19/5)

නෙදර්ලන්තය -  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 139
(ස්ටීවන් මයිබර්ග් 51, වෙස්ලි බරෙසි 14, පීටර් බෝරාන් 13, ටොම් කූපර් 16, මුඩාසර් බුකාරි 11, ඬේල් ස්ටේන් 19/2, ඉම්රාන් තහීර් 21/4)


අදහස් (0)

දකුණු අපි‍්‍රකාවට ලකුණු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.