Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි කී‍්‍රඩාවේ නිරතව සිටින ආසියාවේ ප්‍රධානතම රටවල් පහ අතර පැවත්වෙන රග්බි තරගාවලිය (2014) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය ඉංචියෝන්හිදී අද (26) පැවැති තරගයේදී ලකුණු 59 - 3 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් විය.
කොරියානු වේලාවෙන් මධ්‍යාහන 12.00 ට ආරම්භ වූ මෙම තරගයේදී සත්කාරක කණ්ඩායම ගෝල දිනුම් 4 කින්, උත්සාහක දිනුම් 5 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගනිද්දී ශී‍්‍ර ලංකා පිලට ලකුණු ලබාගත හැකිවූයේ එකම දඬුවම් පහරකින් පමණි.
ශී‍්‍ර ලංකාවට ලකුණු හිමිවූ දඬුවම් පහර රීසා මුබාරක් විසින් සාර්ථක කරගන්නා ලද අතර කොරියානු පිලේ පාක් ජොන් යිල් පිට පිටම උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කරගනිමින් සත්කාරක පිල ඉදිරියට ගෙන ගියේය. එතැන් සිට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට කොරියානුවන් හඹා යාම දුෂ්කර විය.
නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන අතර ආසියාවේ ප්‍රධානතම රග්බි කණ්ඩායම් අතරට ජපානය, දකුණු කොරියාව, හොං කොං, පිලිපීනය සහ ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටියි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොං කොං අතර තරගය ලබන මැයි මස 3 වැනිදා කොළඹදීද, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය ලබන මැයි මස 17 වැනිදා කොළඹදීද පැවැත්වීමට නියමිතය. ප්‍රබල ජපාන පිල සහ ශ්‍රී ලංකාව අතර තරගය මැයි මස 10 වැනිදා ජපානයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.