Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඟ පන්දු යවන්නන්ගේ වෑයම වතුරේ යයි

දඟ පන්දු යවන්නන්ගේ වෑයම වතුරේ යයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අධිෂ්ඨනශීලී පන්දු යැවීමක යෙදුණු දකුණු අපි‍්‍රකානුවෝ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි/20 තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 12 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියේදී 1-0 ක් ලෙස දකුණු අපි‍්‍රකානු පිල පෙරමුණ ගත්තේය.

දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් ලකුණු 51 ක් ලබාගත් ජේ. පී. ඩුමිනි, පන්දුවෙන්ද අනගි දස්කම් දක්වමින් තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.  ඕවර 4 ක් යැවූ ඩුමිනි තම පන්දු යැවීමෙන් ලකුණු 18 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ ජීවන් මෙන්ඩිස් තිදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවූයේ ශී‍්‍ර ලංකා පිලේ සැලසුම් සහමුලින්ම අවුල් කර දමමිනි.

තම සහායක පිතිකරුවන් එකා පසුපස එකා කී‍්‍රඩාගාරයට යද්දීත්, මව්බිම වෙනුවෙන් අභීත සටනක නිරත වූ කුමාර් සංගක්කාර, පළපුරුදු සටන්කාමියකුගේ සැබෑ තත්ත්වය මොනවට ප‍්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 59 ක් ලබාගත්තද එය හුදෙක් නරඹන්නන්ගේ සිත් තැවුල් මකා ගැනීමට පමණක් ප‍්‍රමාණවත් විය.

අවසන්  ඕවරයේදී ලකුණු 21 ක් ලබාගැනීමේ අභියෝගයට තනිවම මුහුණ දුන් සංගක්කාර, පිට පිටම ගැසූ දර්ශනීය හතරේ පහර දෙකකින් ලබාගත් ලකුණු 8 ලබාගත් නමුත් තනි ලකුණු ලබාගැනීමට උනන්දු නොවූයේ පිටියේ අනෙක් අන්තයේ සිටියේ අජන්ත මෙන්ඩිස් බැවිනි.
කිසිදු අපහසුතාවකින් තොරවම දකුණු අපි‍්‍රකානුවන් දමනය කළ ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නෝ නියමිත  ඕවර 20 අවසානයේදී සංචාරක පිල ලකුණු 115 කට සීමා කළහ.

ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන් හමුවේ අන්දමන්දව සිටි නමුත් ලසිත් මාලිංග සහ තිසර පෙරේරාගේ  ඕවර 5 කින් ලකුණු 36 ක් උදුරාගත් දකුණු අපි‍්‍රකානුවෝ සටනක් දිය හැකි ලකුණු 115 ක් එකතු කරගත්හ. ජීන් පෝල් ඩුමිනි, පන්දු 52 කට මුහුණ දෙමින් ලකුණු 51 ක් ලබාගනිමින් තම පිලේ ලකුණු සංඛ්‍යාවෙන් 44 % කම කොටස්කරුවා විය. ඬේවිඞ් මිලර් (25) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක්කිරීමටද ඩුමිනි සමත් විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායක ෆෆ් ඩු ප්ලෙසී පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ඉනිමේ 6 වැනි  ඕවරය නිමා වන විට ලකුණු 23 කට ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ. පළමු පිතිකරුවන් තිදෙනාම දවාගත් සචිත‍්‍ර සේනානායක  ඕවර 3 කදී ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 08 ක් පමණක් හෙයින් 7 වැනි  ඕවරය අවසානයේදී ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 3 කට 27 ක් ලෙසිනි.

ඒ. බී. ඩිවිලියර්ස් ලකුණු 15 ක් ලබා සිටියදී දුන් අසීරු උඩපන්දුවක් දිනේෂ් චන්දිමාල් අතින් ගිළිහී ගිය නමුත් ඊළඟ පන්දුවට ඩිවිලියර්ස් ගැසූ පහර අති විශිෂ්ට උඩපන්දුවක් බවට පෙරළාගැනීමට ස්වීපර් කවර්ස්හි සිටි කුෂල් ජනිත් පෙරේරා සමත් වූවද අවසානයේදී සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය.

දෙපිල අතර දෙවැනි විස්සයි/20 තරගය ඉරිදා (4 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 

 

ලකුණු පුවරුව

දකුණු අප‍්‍රිකාව

හෙන්රි ඬේවිඞ් - ක.මු.කළා ප.සේනානායක    1
කුයින්ටන් ද කොක් - ක.මු.කළා ප.සේනානායක    5
ෆෆ් ඩු ප්ලේසී - ප.සේනානායක    8
ජේ. පී. ඩුමිනි - ඇ.ඩිල්ශාන් ප.අජන්ත මෙන්ඩිස්    51
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.ජනිත් ප.මැතිව්ස්    15
ඩෙවිඞ් මිලර් - ඇ.ඩිල්ශාන් ප.මාලිංග    25
ෙඩිවිඞ් වීස - නොදැවී        3
ෙවින් පානෙල් - නොදැවී    0
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී    115

කඩුලු වැටීම:  
1-6 (ද කොක්), 2-12 (ඬේවිඞ්), 3-23 (ඩු ප්ලේසී), 4-50 (ඞීවිලියර්ස්), 5-106 (මිලර්), 6-113 (ඩුමිනි)

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:

ලොන්වාබෝ සොත්සෝබි, මෝනි මොර්කල්, ඉම්රාන් තහීර්

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 4-0-25-1, සචිත‍්‍ර සේනානායක : 4-0-14-3, ඇන්ජලෝ මැතිව්ස් : 4-0-13-1, තිලකරත්න ඩිල්ශාන් : 3-0-15-0, තිසර පෙරේරා : 1-0-11-0, අජන්ත මෙන්ඩිස් : 4-0-32-1

 

ශ‍්‍රී ලංකාව

කුසල් ජනිත් - ඇ.වීස ප.මෝකල්    11
තිලකරත්න ඩිල්ශාන් -    ඇ.ඞීවිලියර්ස් ප.ඩුමිනි    9
දිනේෂ් චන්දිමාල් - ඇ.ද කොක් ප.සොත්සෝබි    8
කුමාර් සංගක්කාර - නොදැවී    59
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. සහ ප.ඩුමිනි    4    
ජීවන් මෙන්ඩිස් - ඇ.තහීර් සහ ප.ඩුමිනි    0
ළහිරු තිරිමාන්න - ඇ.ඞීවිලියර්ස් සහ ප.තහීර්    5
තිසර පෙරේරා - ඇ.ඩු ප්ලේසී ප.මෝකල්    0
සචිත‍්‍ර සේනානායක - ඇ.ද කොක් ප.පානෙල්    0
ලසිත් මාලිංග - ඇ.ඩු ප්ලේසී ප.පානෙල්    0
අජන්ත මෙන්ඩිස් - නොදැවී    0        
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 9ක් දැවී    103

කඩුලු වැටීම:  
1-15 (ජනිත්), 2-25 (චන්දිමාල්), 3-44 (ඩිල්ශාන්), 4-72 (මැතිව්ස්), 5-72 (ජීවන් මෙන්ඩිස්), 6-90 (තිරිමාන්න), 7-91 (පෙරේරා), 8-95 (සේනානායක), 9-95 (සේනානායක)

පන්දු යැවීම:
ලොන්වාබෝ සොත්සෝබි : 3-0-11-1, මෝනි මෝකල් : 4-0-28-2, ෙවින් පානෙල් : 3-1-8-2, ඉම්රාන් තහීර් : 4-0-22-1, ජේ. පී. ඩුමිනි : 4-0-18-3, ඬේවිඞ් වීසා : 1-0-8-0, හෙන්රි ඬේවිඞ් : 1-0-7-0

 

- දමින්ද විජේසූරිය

(ඡායාරූප: ශාන්ත රත්නායක)


අදහස් (4)

දඟ පන්දු යවන්නන්ගේ වෑයම වතුරේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.