Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් එක්දින පිලේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන සුනිල් නරේන්ට පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී තිබේ.
මෙවර ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේදී ඉන්දියාවේ කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියෝජනය කරමින්, දකුණු අපි‍්‍රකාවේ ඩොල්ෆින්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී පන්දු යවන විට ඔහුට මෙම චෝදනාව එල්ල වී තිබේ. එම තරගයේදී ඕවර 4 ක් යවමින් ලකුණු 33 කට කඩුලූ 3 ක් දවාගැනීමට ඔහු සමත්විය.
තරගයේ විනිසුරුවරුන් වන අනිල් චෞද්‍රි සහ චෙට්ටිහෝදි ශම්ශුදීන්, තෙවැනි විනිසුරු කුමාර ධර්මසේන මහතා සමග එක්ව නරේන් විසින් වේගයෙන් යවනු ලබන පන්දුව සැක සහිත බව ප‍්‍රකාශ කර ඇත.
ඒ අනුව නරේන්ගේ නමද ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අනතුරු ඇඟවීමේ ලේඛණයට ඇතුළත් කෙරුණ නමුත් එය ඔහුට තරගාවලියේ ඉතිරි තරග වලට සහභාගී වීම සඳහා බාධාවක් නොවේ.
කෙසේ වුවත් අනතුරු ඇඟවීමේ ලේඛණයේ සිටින විටදී නැවත වරක් ඔහුට පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වූවහොත් එතැන් සිට තරගාවලිය නිමාවන තෙක් ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට සිදුවනු ඇත.
ශූරයන්ගේ ලීග් තරගාවලිය අතරතුර පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වූ සිව්වැනි කී‍්‍රඩකයා නරේන් වන අතර ඔහුට පෙර ලාහෝර් ලයන්ස් පිලේ නායක මොහොමඞ් හෆීස්, අඞ්නාන් රසූල් සහ ඩොල්පින්ස් පිලේ පී‍්‍රන්ලන් සුබ‍්‍රයාන්ද පන්දුව දමාගසන බවට චෝදනා ලබා මෙම අනතුරු ඇඟවීමේ ලේඛණයට ඇතුළත්ව සිටිති.
මෙවර ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින නරෙන්, එහිදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 11 කි. එහි කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 7.45 ක් ලෙස සටහන් වේ.
වසර 6 ක ශූරයන්ගේ විස්සයි20 ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියාද වන නරේන්, තරග 19 කදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 38 කි.
එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය වන ලකුණු 8.81 එහි දෙවැනි වැඩිම කඩුලූ ලාභියා වන ලසිත් මාලිංගගේ සමාන්‍යයට වඩා හරි අඩකින් පමණ අඩුය.
ලසිත් මාලිංග, ශූරයන්ගේ විස්සයි20 ලීග් ඉතිහාසයේ දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 25 ක් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 16.40 කි.
නරේන් නියෝජනය කරන කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහභාගී වන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලබන 2 වැනිදා හයිද්‍රාබාද් හිදී පැවැත්වීමට නියමිතය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.