Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට නුවන් තුෂාර සහ දුෂාන් හේමන්ත ප්රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී තුෂාර ලකුණු 37 කට කඩුලු 3 ක්ද, හේමන්ත ලකුණු 33 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. මෙවර තරගාවලියේදි උදාන ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙය විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී අගනා පිතිහරඹයක නිරත වූ චමිඳු වික්‍රමසිංහ පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඔසවා තැබීය.
ළහිරු උදාර පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් රැස්කළ අතර ඔහුගේ කඩුල්ලද සමග සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට කවිඳු නදීෂාන් සමත් විය. දඹුල්ල කණ්ඩායමේ ආරම්භය අඩාල කළ ඉසුරු උදාන කඩුලු 2 ක් දවාගත්තේද ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 16 ක් පමණක් ලබා දෙමිනි.
දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 160
(රීසා හෙන්ඩි්රක්ස් 16, කුසල් පෙරේරා 17, ළහිරු උදාර 26, චමිඳු වික්‍රමසිංහ නොදැවී 56, කවිඳු නදීෂාන් 16/3, ඉසුරු උදාන 16/2)
ගාල්ල මාවල්ස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 135
(ඇලෙක්ස් හේල්ස් 17, ඉසුරු උදාන 72, දුෂාන් හේමන්ත 33/3, නුවන් තුෂාර 37/3, චමිඳු වික්‍රමසිංහ 01/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.