Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 20 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 42 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට තරගය ජයගැනීම සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 215 ක් පමණක් බැවින් ගාල්ල කණ්ඩායමට ලකුණු 16 ක ජයක් හිමිවිය.
එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක (56), සොනාල් දිනූෂ (නොදැවී 56) සහ වනිඳු හසරංග (62) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. වේගවත් පිතිහරඹයක නිරත වූ වනිඳු පන්දු 35 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම ඕවර 46 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 234 ක් ලබාගත් අතර යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හසිත බෝයගොඩ පන්දු 93 කදී ලකුණු 65 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. ළහිරු මධුෂංක පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය.
යාපනය පිල - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 234
(හසිත බෝයගොඩ 65, ජනිත ලියනගේ 39, ළහිරු මධුෂංක නොදැවී 51, කසුන් රාජිත 53/4, ලක්ෂාන් සඳකැන් 33/3, වනිඳු හසරංග 25/2)
දඹුල්ල පිල - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී 230
(නිෂාන් මධුෂ්ක 56, සොනාල් දිනූෂ 56, දිනිරු අබේවික්‍රමසිංහ 22, වනිඳු හසරංග 62, විජයකාන්ත් වියස්කාන්ත් 58/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.