Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දශකයකට පසුව ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් ජයක්
ඕවල් ටෙස්ට් තරගය

දශකයකට පසුව ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් ජයක්

editorial - 2024 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට ඔවුන් එම දස්කම දක්වා තිබුණේ මින් වසර 10 කට පෙර 2014 වසරේදීය. 

මෙම තරගය පරාජයට පත්වුවද, පළමු සහ දෙවැනි තරග ජයගෙන සිටීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තයට හැකි විය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක තෙවැනි තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා ලකුණු අතර සිටි ජෝ රූට් සහ කමිඳු මෙන්ඩිස් තරගාවලියේ වීරයන් ලෙසත් සම්මාන දිනාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිවුවැනි දිනය වූ අද (9 වැනිදා) දිවා ආහාරයට පෙර ඉලක්කය සපුරාගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 124 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 127 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

සිවුවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්, ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ඉතිරි ලකුණු 125 ලබාගැනීමේදී අහිමි කරගත්තේ එක් කඩුල්ලක් පමණි. හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කළ ගස් ඇට්කින්සන් එම කඩුල්ලට හිමිකම් කීවේ.


 

-036  


අදහස් (0)

දශකයකට පසුව ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.