Last Update  :  2025-01-02 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දසුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

editorial - 2023 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)

දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ. එබැවින් ඔහු වෙනුවට, අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කරනු ලැබ සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 2 ට ක්‍රීඩා කළ දසුන්, එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූ නමුත් කඩුලු දවාගැනීමට අපොහොසත් විය. එක්දින ජාත්‍යන්තර තරග 69 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1284 ක් රැස්කරමින් කඩුලු 27 ක් බිඳහෙළා ඇත.

මේ වන විට 27 වැනි වියේ පසුවන චාමික කරුණාරත්න, එක්දින තරග 23 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 443 ක් රැස්කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. මෙම තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවුණද, අතිරේක ක්‍රීඩකයකු ලෙස ඔහු කණ්ඩායම සමගන් රැදී සිටියේය.

වසීම් ඛාන්, ක්‍රිස් ටෙට්ලි, හැමන්ග් අමීන්, ගෞරව් සක්සේනා, රසල් ආනෝල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු මෙවර ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරන අතර දසුන් වෙනුවට චාමික සංචිතයට ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ අනුමැතිය ලැබී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (14 වැනිදා) නිවේදනය කර සිටියේය.  


අදහස් (0)

දසුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.