Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ටෝකියෝ පැරලිම්පික් උළෙල නිමාවීමෙන් පසුව හෙට (7) පස්වරු 5.10 ට කටුනායක ගුවන් තොටපොළ වෙත ළඟාවන රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු එහි විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී රතු පලස එළා පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් තොටේ මෙම විශේෂ පිළිගැනීමේ උත්සවය පැවැත්වේ.
පදක්කම්ලාභී ක්‍රීඩකයන් දෙදෙනා හැරෙන්නට ටෝකියෝ පැරලිම්පික් උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන් 11 දෙනක්ද දිවයිනට පැමිණෙති. රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වන හෙයින් මෙම පිලිගැනීමේ උත්සවය අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් වඩාත් චාම්ව පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
දිනේෂ් ප්‍රියන්ත හා සමිත දුලාන් ඇතුළු කණ්ඩායම පළමුව පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරේ. එයින් අනතුරුව පස්වරු 6.45 වන විට පිළිගැනීමේ උත්සවය අරඹමින් ඔවුන් රතු පලස එලා පිළිගැනීමට කටයුතු කෙරේ. විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී දිනේෂ් ප්‍රියන්ත, සමිත දුලාන් හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පිළිගැනීමේ උත්සවය අවසානයේ ඔවුන් මීගමුව ජෙට්වින් හෝටලයට රැගෙන යන අතර එහිදී යළිත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව කොළඹ බලා රැගෙන ඒමට නියමිතය. කොළඹ සංචාරක හෝටලයක අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා නතර කිරීමට නියමිතය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ඔවුන් කොළඹ ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයේ නතර කිරීමට කටයුතු කරන බවයි. එයින් පසුව සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔවුන්ව බදාදා (8) දිනය තුළ නිවෙස් බලා යාමට හැකිවනු ඇතැයි ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
රන් පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කොටි පහක් ද, ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන්ට රුපියල් කෝටි දෙකක්ද හා ඔවුන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වන මුදලක් ද වන සුපිරි මුදල් ත්‍යාග තුනක් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමත කර තිබේ. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් අනුමත කර තිබේ.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව, මෙම පදක්කම්ලාභීන් පිළිගැනීමේ විශේෂ උත්සවයක්, ජාතික පැරලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන බව එහි උප සභාපතිවරයෙකු වන ප්‍රියන්ත පීරිස් මහතා පවසයි.
ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.