Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම්කර ඇතත්, ඊට ඇතුළත් නොවූ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නැවතත් අවධානයට ලක්වෙමින් තිබේ.
වසර 2019 ලෝක කුසලාන තරගාවලියට මාස කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩාමේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන්, දිමුත් කරුණාරත්නව හදිසියේම එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්කරන ලදි. 2019 ලෝක කුසලාන තරගාවලියේ නායකයා වුවද, 2021 මාර්තු මාසයේ බටහිර ඉන්දීය දූපත් සමූහයේ පැවැති තරගාවලියකින් දිමුත්ගේ එක්දින ගමන නිමා වන විට ඔහු තරග 34 කදී ලකුණු 767 ක් ලබා සිටියේය. ඉනිමක සාමාන්‍යය 27.30 කි.
ප්‍රහාරකයන් වන කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාත්, වඩාත් ස්ථාවර පැතුම් නිස්සංක සහ ලසිත් කෲස්පුල්ලේ දෙදෙනාත් ආරම්භක පිතිකරුවන් වන බැවින් දිමුත් කරුණාරත්නට මූලික සංචිතයේ ස්ථානය අහිමි විය. එහෙත් කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයේදී ආබාධයකට ලක්ව සිටීමත්, ඒ සමගින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ ගැටළු පැන නැඟීමත් නිසා වමත් පිතිකරුවකු වන දිමුත් නැවත වරක් තේරීම් කමිටුවේ අවධානයට ලක්වී තිබේ.
සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් සිව් දෙනාම සෑහෙන පීඩනයකට ලක්ව සිටින බව නොරහසකි. විශේෂයෙන්ම සිය අවසන් තරග 5 දී ලකුණු 44 ක් පමණක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දුට ස්ථානය රැකගැනීමට නම් ඔහු පිඹුරු දඩයම් නොව, දිගින් දිගටම ලකුණු අතර සිටීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇතැයි තේරීම් කමිටු සාමාජිකයෝ සාකච්ඡා කරති.
එක්දින කණ්ඩායමේ මෑත කාලීන අසාර්ථක වීම් හේතුවෙන් පළපුරුදු ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් නැවතත් එක්දින කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව සූදානමින් සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ඇතුළට පැමිණීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට 30 දෙනා අතර ස්ථානයක් අහිමි වූ බවද කියැවේ.
කුසල් මෙන්ඩිස් පිටියේ ඕනෑම ස්ථානයක අති දක්ෂ පන්දු රකින්නකු වන බැවින් කඩුලු රකින්නකු වන සධීර සමරවික්‍රමට සංචිතයට කැඳවා ඇත්තේ පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 8 දක්වා ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමේ හැකියාවද ඇති බැවිනි.
ලෝක කුසලාන තරගාවලියක් වන බැවින්, තරගාවලිය ආරම්භ කිරීමට දින 21 කට කලින් කණ්ඩායම නම්කළ යුතුව තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය විසින් අනුගමනය කරනු ලබන නවතම ක්‍රමවේද හේතුවෙන් ඇමතිවරයාගේ අනුමැතිය පමා විය හැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගෙන ඇත.
30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතය
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අෂේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.